‘‘වණිජ්ජා” නම් සූත‍්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ, මිථ්‍යා ආජීවයට අයත්, අකුසල් රැස්වෙන, නො කළ යුතු වෙළඳාම් පහක් පෙන්වා දී තිබෙනවා.

1.    මත්පැන් මත්ද්‍රව්‍ය වෙළඳාම
2.    සත්ව ඝාතනය හෝ හිංසාව පිණිස හේතුවන අවි ආයුධ වෙළඳාම.
3.    මස් පිණිස සතුන් වෙළඳාම
4.    වස විස වෙළඳාම (කෘමිනාශක, පළිබෝධනාශක ආදිය)
5.    වහල් වෙළඳාම

මෙහි දී අන් අයගේ සිහිය මුළා වෙන, රෝගාබාධ ඇතිවන, මදයට හා ප‍්‍රමාදයට හේතුවෙන මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි ආදිය අළෙවි කිරීම අකුසල් රැුස්වෙන මිථ්‍යා ආජීවයක්. විශේෂයෙන් ම දුම්වැටි භාවිතයෙන් පිළිකා, පෙනහලූ ආබාධ ආදි මාරාන්තික රෝග හටගැනීමෙන් දිනපතා මරණ විශාල සංඛ්‍යාවක් සිදුවන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා. දුම්වැටි තුළ තාර, නිකොටින් වැනි ශරීරයට අහිතකර රසායනික 108ක් පමණ ඇතුළත් බව වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

එම නිසා වෙළඳසැල් හිමියාට කාරුණිකව කරුණු පහදා දී දුම්වැටි අළෙවියෙන් වළකින්නට උත්සාහ කරන්න. එසේ නොමැති නම් ඔබ අකුසලයට සම්බන්ධ වීමෙන් වැළකී සිටින්න.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…