අපේ රටේ චිරාත් කාලයක් තිස්සේ තිබුණ ස්වයංපෝෂිත කෘෂි ආර්ථික රටාවත්, අපේ සංස්කෘතියත්, සභ්‍යත්වයත්, සදාචාරයත් අතීතයේ සිට විවිධ ආක‍්‍රමණ හමුවේ අනතුරට ලක් වුණත් මේ සියල්ල බරපතළ ලෙස සෝදාපාළුවට ලක් වුණේ බටහිර ආක‍්‍රමණත් එක්ක.

1505 දී ආව පෘතුගීසීන්ගේ යුගයේ දී ලක්ෂ ගණන් හෙළයන් මරා දැම්මා. අපේ ආගමික සිද්ධස්ථාන, රජ මාලිගා, නිවාස පොළවට සමතලා කළා. බලහත්කාරයෙන් මේ රටේ ප‍්‍රදේශ රැුසක් පාලනය කළා.

1658 දී ආපු ලන්දේසීන් ද අපේ හෙළයන් දහස් ගණනින් මරා දැම්මා.. වනාන්තර විනාශ කළා. වැව් අමුණු කඩා බිඳ දැම්මා.

1796 දී ආපු ඉංග‍්‍රීසින් අප සතුව තිබුණ වසර දහස් ගණනක් පැරණි පුස්තක ශිලා ලේඛන ගිනි තබා විනාශ කළා. ඉතිරි වැව් අමුණු ටිකත් කඩා බිඳ දැම්මා. වෙහෙර විහාර විනාශ කළා. ස්වාමීන් වහන්සේලා ඝාතනය කළා. වයස 18ට ඉහළ පිරිමි දරුවන් මරා දමන්නට නියෝග කළා.

මේ විනාශයට ඉස්සර ලංකාවෙ ජන සමාජය තිබුණෙ කොහොමද කියල දැනගන්න අපූරු වාර්තාවක් මට මුණගැසුනා.

‘සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුන්ට ම වඩා යහපත් වෙති. භාග්‍ය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කතා ඇති අතර ආදරශීලී මනුෂ්‍යයෝ ය.

සිංහලයාගේ ගුණධර්ම සැකෙවින් කියතොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාව ද හැසීරීම ද උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයන්ට ඇත.

ඔවුන් ස්වභාවයෙන් ම මස් කෑමත්, මත්පැන් බීමත් අප‍්‍රිය කරති. ඔවුන් කිපෙන සුලූ නො වෙති. කෝපයක් ඇති වුවත් වහා සන්සිඳුවාගෙන සමඟි වෙති.

සිංහලයෝ ඇඳුමින් පිරිසිදු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කරති. වැඩි වේලා නො නිදති.

සිහල ස්ත‍්‍රීන්ගේ හැසිරීම සුවිනීත ය. ගමන ඉතා සංවර ය. සිංහල ස්ත‍්‍රීන් අරපරෙස්සමෙහි ඉතා දක්ෂ ය. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කරති.  සිංහල ස්වාමි දුව මහේශාක්‍ය වුවත්, දැසි දස්සන් සිටියත් සියතින් ම සියලූ කටයුතු කරති.

සිංහලයෝ උදේ සවස පිළිම වහන්සේ  ඉදිරියේ මල් පූජා කරති. නව ගුණවැල අතට ගෙන නිතර භාවනාවේ යෙදෙති.

හොරකම අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කවරදාකවත් සොරකම් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කරති.  අනුන්ට උපකාර කරති.

ආගන්තුකයන්ට දයාවෙන් සංග‍්‍රහ කරති. සිංහලයෝ තුළ මේ ගුණධර්ම ඇති බව මම අත්දැකීමෙන් ම දනිමි.

සිංහලයන්ගේ භාෂාව ද සිංහලයන් මෙන් ම පොහොසත් ය. එය මටසිලූටු ය. සුමධුර ය. අලංකාර ය. සිහලයෝ චතුර කථිකයෝ ය. සිංහල දේශය තුළ එක ම හිඟන්නෙක්වත් මට මුණගැසී නැත.’

මෙහෙම කියන්නේ කවුද? ජාතිමාමක සුජාත පුත‍්‍රයෙක් ද? නෑ. රජුගේ අත්අඩංගුවට පත්වූ සුදු ජාතික සිරකරුවෙක්. සිරකරුවෙක් විසින් තමන් සිර කළ ඇත්තන් කෙරෙහි පමණ ඉක්මවූ වර්ණනාවක් කරාවි යයි සිතන්නට පුළුවන් ද? නැහැ, මෙය ඔහුට නො කියා ම බැරි වූ සත්‍යය යි. මේ අපූරු සටහන තියන්නේ රොබට් නොක්ස් කියන සුදු ජාතික යුද සිරකරුවායි. ඔබට එ් ගැන විස්තර වශයෙන් බලාගන්න වුවමනා නම් රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදිව’ පොත බලන්න පුළුවන්.

දැන් මේ කොටස කියවනකොට ඔබට දැනෙන්නට ඇති මොන තරම් ආධ්‍යාත්මික සංහිඳියාවක් එකල ජන සමාජය තුළ තිබුණා ද යන්න. මෙය ආවේ කොතනින් ද? එ් වෙන තැනකින් නො වේ.. බුදු දහමින්.

සිංහලයන් මේ විදියට ඉන්න තුරු සුද්දනට ඔවුන් ව ඔවුන්ගේ රූකඩ කර ගන්නට පිළිවන් වුණේ නෑ. ඔවුන් එ්කට ඉතා සූක්ෂම ව අප ව බුදු දහමින් ඈත් කරන්න කටයුතු කළා. මස් කන්න පුරුදු කළා. මත්පැන් දුම්වැටි සමාජගත කළා. මේ විදියට තිබූණ සුන්දර ජන සමාජය මුඵමනින් ම කනපිට හරවන්නට වුවමනා කරන සියලූ ම පිඹුරුපත් හැදුවා.

ම්ලේච්ඡු නීති පැනෙව්වා. අර සුන්දර ව සංවර ව හිටිය කාන්තාවන්ගේ උඩුකය ඇඳුම තහනම් කළා.. ඇයි මෙහෙම කළේ… වසර දහස් ගණනක් අපේ රටේ බොහෝ ම ගෞරවනීය විදියට හිටිය ජන සමාජයට ගෝත‍්‍රික ස්වරූපයක් ආරෝපණය කරන්න…

ඔබ හිතන්නේ අපිට නිදහස ලැබීමෙන් පස්සේ අපි සම්පූර්ණයෙන් ම ස්වාධීන ජාතියක් වුණා කියල ද? නෑ… එයාලා එයාලගේ සැලසුම් හා ආක‍්‍රමණ පෙරටත් වඩා ශක්තිමත් ව වක‍්‍රාකාරයෙන් ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කළා. ඔබ දන්නවා ද එ් උත්සාහයන් මේ වන විට මොන තරම් නම් සාර්ථක වී තිබෙනවා ද කියා.

එදා එ් අය සැලසුම් කළ ක‍්‍රියාවලියට අයත් දේ අදත් මේ බටහිරයන් විසින් කරමිනුයි සිටින්නේ. හැබැයි වෙනස් විදියකටයි… එ් බව තේරුම් ගන්න නම් අපේ අතීතය ගැන දැනුමකුත්, තියුණු නුවණකුත්  ඕනෑ වෙනවා.

එදා නීති පනවලා කාන්තාව අඩ නිරුවත් කළ මෙයාලා අද අන්තර්ජාලය හරහා, රූපවාහිනිය හරහා මේ රටට නො ගැළපෙන, කාන්තාවන්ට නො ගැළපෙන මොන තරම් අඩ නිරුවත් විලාසිතා නිර්මාණ අපේ කාන්තාවන්ගේ හිස තුළට රිංගවනවා ද?  එ්ත් අවාසනාවට මේ ඇත්ත නො දකින අපේ අම්මලා වෙළඳ සැල්වලට ගිහින් තමනුත් එ්වා ඇඳගෙන දරුවන්ටත් අන්දවාගෙන පාරේ බැහැලා යනවා. පන්සලූත් යනවා. ඇඳුම් විතරක් නෙවෙයි. නවීන තාක්ෂණය හරහා තව බොහෝ විපත් අද අප වෙත එවා ඉවරයි.

ඉතින් එදා ඉංග‍්‍රීසින් අපේ කඳුකරයේ සිට මහ මුහුද දක්වා සියලූ සම්පත් සූරා කෑවා… පොළොවේ උපන් භව බෝග විතරක් නෙවෙයි; රන් රිදී මුතු මැණික් ආදි වටිනා සියලූ දේ රැගෙන ගියා.

එපමණකිනුත් නැවතුනේ නෑ… අපේ ගොවිබිම් විනාශ කරමින් ඔවුන්ගේ විදේශීය වගාවන් මේ රටට හඳුන්වා දුන්නා…

මේ ආක‍්‍රමණවල දී වෙන රටවල දකින්නට නො ලැබුණ, සුද්දා මවිත වුණ කාරණයක් තිබුණා. එ් තමයි මේ රටේ මිනිසුන් පුදුම හිතෙන තරමේ නිරෝගී බවකින් යුතු වීම. එ් වගේ ම කාය ශක්තියකින් හා චිත්ත ශක්තියකින් යුතු වීම..

මේකට හේතුව ඔවුන් සොයා ගත්තා. එ් තමයි අපේ ආහාර රටාව…  ධාන්‍ය වර්ග, පලතුරු වර්ග, පලා වර්ග, අල වර්ගවලින් සපිරි අපේ ආහාරය ම ඖෂධයක් විදියට ක‍්‍රියා කළා. විශේෂ බෙහෙතක් විදියට ගත්තෙත් ගහක කොළක දෙයක් විතර ම යි…

දියවැඩියාව, පිළිකා, කොලෙස්ටරෝල්, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග වගේ රෝග එදත් තිබුණා සුද්දන්ට. එ්ත්  හෙළයන්ට තිබුණ බවක් අසන්නටවත් නෑ. එ් වගේ ම  ඕන ලෙඩකට අවශ්‍ය අත් බෙහෙත් කෙම් ක‍්‍රම එදා අපේ අම්මලා දැන සිටියා. එ් වගේ ම විස්මිත හෙළ වෙදවරුත් අපට හිටියා..  ඕනෑ තරම් ඖෂධ පැළෑටි රට පුරා තිබුණා.

මෙයාලා අති සූක්ෂම විදියට අපේ පරිසර පද්ධතියත්, අපේ බෝගත්, අපේ බෙහෙත් පැළෑටිත් විනාශ කරන්න සැලසුමක් හැදුවා. අන්න එ් දේ ගැන තමයි අද සිට කතා කරන්න යන්නේ. මේක ඉතා ම වැදගත්.. මේ තමයි ඔවුන් ගලවා දැමූ අපේ මුල්..

මෙයාලා අපේ පරිසර පද්ධතියත්, ආර්ථික බෝගත්, ඖෂධ පැළෑටිත් විනාශ කරන්න ත‍්‍රස්තවාදී කල්ලියක් හැදුවා. එ් කල්ලිය පරිණාමය වෙමින් අද දක්වා ක‍්‍රියාත්මක වෙමින් එ් නීච අරමුණු කරා බොහෝ දුරට අප රට රැගෙන ගොස් අවසන්… මේ ත‍්‍රස්තවාදීන් අද ඔබෙත් මගෙත් ගෙමිදුලේ ම සුවසේ හිඳිමින් තම මෙහෙවර කරනවා අපගේ අවසරය යටතේ ම. එ්කයි මේකේ තියෙන දුක හිතෙන කතාව.

කවුද මේ ත‍්‍රස්තවාදීන්? මොකක්ද ඔවුන්ගේ කාර්යභාරය…?

මේ තමයි ආක‍්‍රමණික විදේශීය ශාක  කියන ත‍්‍රස්තවාදීන්… මෙහෙම කිවුවාම ඔබ සිතයි පැළයකට මොනවා ද කරන්න පුළුවන් දේ කියලා..

එ්ත් අපිට නො පෙනී ම අපේ මානව පරපුරත්, සත්ව පරපුරත්, පරිසර පද්ධතියත් මුළුමනින් ම විනාශ කරන මේ ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාකාරිත්වය දැන ගත්තොත් ඔබ මවිත වේවි.
මේ අතර ඉන්නවා මානව රෝගකාරක වෛරස් බැක්ටීරියා වර්ග සුළෙඟ් පාවී යන ආකාරයට නිෂ්පාදනය කොට බෙදා හරිමින් ශාකයෙන් ශාකයට පැතිරෙමින් යන ආකාරයට ක‍්‍රියාත්මක වන විෂ සහිත ශාක.

එ් වගේ ම සත්වයන්ගේ ආහාර බවට පත් වන ශාකවල ඵල දැරීම ඇන හිටවමින් පරාග පෝෂණය කරන මී මැස්සන් බඹරුන් සමනලයන් වැනි වටිනා සතුන් විනාශ කරන විෂ සහිත ශාක.

එ් වගේ ම අපේ ආර්ථික බෝග හා බෙහෙත් පැළෑටි වැඞීමට වුවමනා කරන සියලූ ම පාංශු පෝෂක මංකොල්ල කමින් එ්වායේ වර්ධනය අඩාල කරවන ශාක.

ඉතින් අධිරාජ්‍යවාදීන් තම කුරුරු අරමුණු සඵල කර ගන්නට මොකද කළේ.. මෙන්න මේ කියන කාර්යයන් ඉටුකරන ශාක වර්ග සිය දහස් ගණනක් අලංකාර හා ආර්ථික ශාක විදියට හුවා දක්වමින් අප රටටත්, ආසියානු හා අප‍්‍රිකානු කලාපයටත් ව්‍යාප්ත කළා. මේ අතරින් සෝමාලියාව, ඉතියෝපියාව, රුවන්ඩාව, සුඩානය වගේ රටවල් මේ වන විටත් මුළුමනින් ම පාරිසරික අනාතයන් බවට පත්වෙලා, තම භුමිය සතුව තිබූ වටිනා සම්පත් සූරා කෑමට ලක්වෙලා, අධිරාජ්‍යවාදීන්ගේ මත්ද්‍රව්‍ය, අවි ජාවාරම් හා වෙනත් ව්‍යාපාරවල ගොදුරක් වෙලා ඉවරයි.

මේ ආක‍්‍රමණික ශාක අතර විවිධ පාට මල් වර්ග, අලංකාර විවිධ හැඩැති පත‍්‍ර තියෙන ක්‍රෝටන් වර්ග, ෆාම් වර්ග හා හා දැවැන්ත ශාක සිය දහස් ගණනක් තියෙනවා.

මේවායේ ක‍්‍රියාකාරිත්වය තේරුම් ගන්න මම එක උදාහරණයක් කියන්නම්. මේ අය වාසනාවන්ත හා දැවමය ශාකයක් විදියට පිහිඹියා ශාකය හඳුන්වා දුන්නා… අපිත් ගෙනත් හිටෙව්වා.. මේකෙන් මොකක්ද වෙන්නේ කියන දැනුමක් අපිට තිබුණේ නෑ.

පිහිඹියා ශාකය කරන්නේ එ් අවට පසෙහි තිබෙන සියලූ ම පාංශු පෝෂක වේගයෙන් අවශෝෂණය කර ගන්න එක… එතකොට එ් අවට වෙන කිසිම දේශීය ඖෂධීය හරි, ඵල දරන හරි ගහක් සරුවට වැඩෙන්නේ නෑ.. පේර දෙළුම් දෙහි දොඩම් නාරං වගේ ගස්වල ඵල හට ගැනීම අඩු වෙනවා. විශේෂයෙන් අනෝදා ශාකය ඵල දරන්නේ නෑ. අනෝදා කියන්නේ අද බටහිර පිළිකා ප‍්‍රතිකාර ඖෂධවලට වඩා දස දහස් ගුණයක පිළිකා නැසීමේ ශක්තියක් සහිත ශාකයක් බව හෙළිවී හමාරයි. නිතර අනෝදා ආහාරයට ගැනීම නිසා ඉස්සර අපේ රටේ මිනිසුන් අතර පිළිකා අවදානමක් තිබුණේ ම නෑ… දැන් මේ පිහිඹියා ක‍්‍රියාකාරිත්වය නිසා වන මේ උවදුරෙන් අප රටේ පිළිකා අවදානම ශීඝ‍්‍රයෙන් ඉහළ ගියා. අන්න එ්ක බටහිර ඖෂධ ජාවාරම්කරුවන්ට සරු ඉල්ලමක් වන බව ඔවුන් දැන සිටියා.

මේ විතරක් නෙවෙයි විශාල මූල පද්ධතියක් තියෙන, එ් වගේ ම ලොකු උත්ස්වේදන හැකියාවක් තියෙන මේ පිහිඹියා අපේ පසේ තියෙන සියලූ ම පාංශු ජලය වේගයෙන් උරාගෙන පස වියළි කළා… නො දිරන පිහිඹියා පත‍්‍ර පරිසර සමතුලිතතාවයට හානිකරලා මදුරු උවදුර ශීඝ‍්‍රයෙන් වර්ධනය කරන්නට දායක වුණා. එ් හරහා මදුරු කොයිල්, මදුරු නාශක විකර්ෂකවලට හොඳ වෙළඳ පළක් නිර්මාණය කළා.

මේ විනාශකාරී ත‍්‍රස්තවාදී ශාක මොනවා ද යන්නත්, එ් පිළිබඳ ව අප ගත යුතු ආරක්ෂක ක‍්‍රමවේද ගැනත් ඉදිරි කලාපවල දී විශේෂ හෙළිදරව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නො කළොත් තව වැඩි කලක් යන්නට මත්තෙන් මේ රට සෝමාලියාව වගේ එකක් වෙන්න තියෙන ඉඩකඩ හොඳටෝම වැඩියි.

මේ පිළිබඳ විශේෂ අධ්‍යයනයන් සිදු කොට රටට හෙළිදරව් කළ පරිසර හා මානව හිතකාමී ජාත්‍යන්තර සංවිධානයේ නිර්මාතෘ පරිසර ගවේෂක පී. එම්. එදිරිසිංහ මහතා ද හමුවී සාකච්ඡුා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා..

මේ සියලූ කරුණු හෙළිදරව් කිරීමේ මුලික අරමුණ නම් මේ ව්‍යසනයන්ගෙන් අපේ මතු පරපුර ආරක්ෂා කිරීමයි. ඔවුන්ට මේ පින් බිම තුළ චිරාත් කාලයක් සුවසේ ජීවත් වන්නට අවැසි පරිසරය නිර්මාණය කොට තැබීමට පසුබිම සැකසීම යි. මෙය ඔබෙත් මගෙත් මේ යුගයේ මෙහෙවරක් විදියටයි මා දකින්නේ. මේ රට තුළ ධර්මය සුරකින මතු පරපුරක් පිළිබඳ පැතුමක් අපට තිබෙනවා නම්… එය පැතුමකින් පමණක් කළ හැක්කක් නො වන බව අප වටහා ගත යුතුයි. එ් සඳහා වන අමා දහම එක් අතකින් විවර වී පැතිරී යද්දී එ් ධර්මයේ සුවසේ හැසිරීමට අවැසි පරිසරය හා සමාජ වටපිටාව අප රටින් තුරන් වී යනවා නම්… එය මොනතරම් අවාසනාවක් ද? එය එසේ නොවීම පිණිස අද දවසේ ඔබටත්, මටත් කළ හැකි දේ කරන්නට පසුබට නො වෙමු.

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ

ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com