‘‘පින්වත් මුනිඳුනි, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නේ. අලූතින් ගෙඩි හටගන්ට ළඟයි. අතු අග පිපිලා තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. එ් ගස් බබළනවා ගිනි සිළු වගේ. මහාවීර මුනි`දාණනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා!

එ් ගස්වල ලස්සන මල් පිපිලා හැම පැත්තට ම සුවඳ හමනවා. දැන් එ් ගස්, කොළ අතහැරියා. ඔය සූදානමින් ඉන්නේ ගෙඩි පිළිගන්ට. මහාවීර මුනිඳුනි, දැන් ඉතින් අපට පිටත්වෙන්ට කල් පැමිණිලා….!”

මේ අයුරින් කාළුදායී තෙරණුවෝ නොයෙක් ගාථාවන් පවසමින් සම්බුදුරජාණන් වහන්සේට කිඹුල්වත්පුරයට වැඩම කිරීම පිණිස ආරාධනා කළ සේක. බුදුරජාණන් වහන්සේ ද තුෂ්ණිම්භූත භාවයෙන් යුතුව එ් ඇරයුම පිළිගෙන වදාළ සේක.

‘‘එ් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කරන්නේ ය” යන ආරංචිය ශාක්‍යයන් අතර වේගයෙන් පැතිර යන්නට විය. සුෙදාවුන් නරපතිදාණන් ප‍්‍රධාන සියලූ ශාක්‍යය, කෝලිය වැසියෝ එ් මහාවීරයාණන් දැකබලා ගනු රිසිව එක්රැුස්ව හුන්නාහු ය. එ් අතර ආනන්ද, අනුරුද්ධ, භද්දිය, හගු කිම්බිල හා දේවදත්ත යන ශාක්‍ය රාජ කුමාරවරුන්ගේ හිතෛෂී කරණවෑමියා වූ උපාලි තෙමේ ද පැමිණ සිටියේ ය. විසිදහසක් මහරහතුන් පෙරටු කොටගෙන, තරු කැළ පිරිවැරූ පුන්සඳ මෙන් සම්බුදුරජාණෝ කිඹුල්වතට පිවිස වදාළ සේක. අහංකාරකමින් ඉදිමී ගිය ඇතැම් ශාක්‍ය ප‍්‍රභූන්ගේ මානහුල බිඳිනු වස් එ් සම්බුදුරජාණෝ අද්භූත පෙරහරක් කළ සේක. එය යමක මහා ප‍්‍රාතිහාර්යයි. බුද්ධ විෂයයට පමණක් ම ගෝචර වූ එ් පෙළහර දෙස විදහාගත් නෙතින් යුතුව, අයාගත් මුවින් යුතුව සාධුකාර දෙමින් සියල්ලෝ ම බලා සිටියෝ ය. අනතුරුව බ‍්‍රහ්මස්වරයෙන් වදාළ එ් මිහිරි සදහම් අමාව වියළි කතරකට වැටුණු පොද වැස්සක් මෙන් ශාක්‍යයන්ගේ හදවත් තුළට උරා ගත්තේ ය. දැන් කිඹුල්වත්පුර වැසියන්ට සිතීමටත්, කථා කිරීමටත් ඇත්තේ එක ම මාතෘකාවකි.

එ් ශාක්‍යයන්ගේ මහා මුනිරජාණන් ගැන ය.

එ් සම්බුදුරජාණන් වහන්සේගේ දෙසුම රාජ කුමාරවරුන් වූ ආනන්ද, අනුරුද්ධ, භද්දිය, භගු, කිම්බිල හා දේවදත්ත යන සුහද මිතුරන්ගේත් – උපාලි කරණවෑමියාගේත් සිත් වසඟ කළෝ ය. එදින භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අනුපිය අඹ වනයේ ය. එ් උතුම් සම්බුදු ගුණ ගැන කතා කරමින් මේ රාජ කුමාරවරුන් අනුපිය අඹ වනය දෙසට පැමිණෙමින් සිටියෝ ය. ”අපි මේ සම්බුදු සමි`දාණන් ව දැකබලා වන්දනා කිරීම ප‍්‍රමාණවත් නො වේ. මෙතරම් ස්වාක්ඛාත ධර්මයක් පවසන එ් මුනිරජාණන් සමීපයේ අපිත් පැවිදි වෙමු. බඹසර හැසිරෙමු” යි එ් රාජ කුමාරවරු කතිකා කර ගත්හ.

ඔවුහු තම හිතවතා වූ උපාලි කරණවෑමියා ඇමතූහ. ‘‘හිතවත් උපාලි, අප සතු සියලූ ආභරණ අපි ඔබට පවරනවා. එ්වා විකුණා ඔබ සුවසේ ජීවත් වන්න. අප එ් බුදුසමි`දාණන් සමීපයේ පැවිදි වූ බව රජ මැදුරුවලට දන්වන්න” යැයි පැවසූ එ් කුමාරවරු ආභරණ ගලවා උපාලිට දුන්නෝ ය. මේ රාජ කුමාරවරුන්ගේ අණකි. එය ප‍්‍රතික්ෂේප කළ නො හැකි ය. හඬ අඬා කුමාරවරුන්ට නමස්කාර කළ උපාලි කරණවෑමියා ආභරණ ද රැගෙන හෙමින් හෙමින් ඉදිරියට පියමනිමින් සිටියේ ය.

සසරේ රැුස්කළ පින සෙවණැල්ල මෙන් පසුපසින් පැමිණ සැප ලබා දෙන්නකි. මේ උපාලි කරණවෑමියා යනු එසේ මෙසේ කෙනෙක් නො වේ. මහා පුණ්‍යවන්තයෙකි. කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ හංසවතී නුවර ඉපිද සිටි කෙළඹි පුත‍්‍රයෙකි මේ. පදුමුත්තර බුදු සසුනේ විනයධර භික්ෂුවට අගතනතුරු පිරිනමනු දුටු හේ බුදුසසුනක විනයධර ශ‍්‍රාවකභාවය පතා මහත් වූ පින් රැස් කළේ ය. එ් පින් බලයෙන් සුගති සැප ලැබූ වාර අප‍්‍රමාණ ය. සක්විති රජ පදවිය ලැබී ය. ප‍්‍රාදේශීය රජකම් අනන්ත වාරයන්හී ලැබී ය. මේ සොඳුරු බුද්ධෝත්පාද යුගයටත් ඔහුව ගෙන ආවේ එ් පින විසිනි.

උපාලි කරණවෑමියා හට මෙසේ සිතුණි. ‘මං දැන් මේ ආභරණ අරගෙන නගරයට ගියොත් කුමාරවරු ඝාතනය කළා කියලා රාජ උදහසට ලක්වෙන්නටත් පුළුවන. ඇරත් මාගේ හිතවත් කුමාරවරු රජ සැපය ළාමක කොට පැවිද්ද උතුම් කොට ගත්හ. මේ ආභරණ ටිකක් අල්ලාගෙන මා යන ගමනේ ඇති අරුත කුමක් ද? එ් නිසා මා හටත් උතුම් ය එ් පැවිදි බව’ ඔහු ආභරණ ගෙන ගස්වල එල්ලූවේ ය. ‘කැමති කෙනෙක් මේ ආභරණ ගනිත්වා!’ යි සිතා සැහැල්ලූ සිතින් යළි කුමාරවරු සොයා වනය තුළට පිවිසියේ ය.
”මාත් කැමතියි…, කුමාරවරුන් එක්කම එ් බුදු සමිඳුන් ළඟ පැවිදි වෙන්ට.”

තම හිතවතාගේ අහිංසක කැමැත්තට එ් රාජ කුමාරවරු විරුද්ධ නො වූහ. ඔවුන් සතුටට පත් වූහ. උපාලි කරණවෑමියාත් සමඟ ම එ් රාජ කුමාරවරු සය දෙනා භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියෝ ය. ගෞතම බුදුසසුනේ උතුම් වූ පැවිදි බවත්, උපසම්පදාවත් ඉල්ලා සිටියහ.

ආනන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේට මෙසේ පැවසුවේ ය. ‘‘ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, මේ උපාලි අපේ සේවකයෙකි. මොහු අප සියලූදෙනාට පළමුව පැවිදි කරන සේක්වා! එවිට ඔහු අපට වඩා පැවිද්දෙන් උසස් කෙනෙකි. ඔහු හට ද අපි වන්දනා කළ යුතු ය. ස්වාමිනී, එය අපට මාන්නය දුරු කර ගැනීමට උපකාර වන්නේ ය.” මහා කාරුණික බුදුරජාණන් වහන්සේ උපාලි කරණවෑමියාව මුලින් ම පැවිදි කළ සේක. පසුව රාජ කුමාරවරු සයදෙනා පැවිදි කොට වදාළහ.

පැවිදි බව ලද උපාලි තෙරුන් වහන්සේ මනා වත පිළිවෙතින් යුතුව ධර්මයේ හැසිරුණෝ ය. ආරණ්‍යයේ හුදෙකලා වීමට අපේක්ෂා කළ උන් වහන්සේ ශාස්තෘන් වහන්සේ හමු වී ඊට අවසර ඉල්ලා සිටියේ ය. ‘‘පින්වත් උපාලි, ඔබ මා සමීපයේ ම වාසය කරන්න. එය ඔබට විදර්ශනා ධුරයත්, ග‍්‍රන්ථ ධුරයත් දෙක ම වර්ධනය වීමට හේතු වන්නේ ය” පැවසූ ශාස්තෘන් වහන්සේ උපාලි තෙරුන්ව තමන් වහන්සේ සමීපයේ ම තබා ගත් සේක. නොබෝ කලකින් ම එ් මහා පුණ්‍යවන්ත උපාලි තෙරණුවෝ සකල ක්ලේෂන් නසා උතුම් වූ අරහත්වය සාක්ෂාත් කළ සේක.

සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේට මුළු විනය පිටකය ම ඉගැන්වූ සේක. එ් ඉගැන්වීම ශාස්තෘන් වහන්සේට පසු හොඳින්ම ධාරණය වූයේ උපාලි මහරහතන් වහන්සේ හට ය. එක් අවස්ථාවක භික්ෂුණියක් වූ කුමාර කස්සප මාතාව ගැබ් ගැනීම සම්බන්ධව ශාසනික අර්බුදයක් පැන නැංගේ ය. කිසිවක් නො විමසූ දේවදත්තයන් සමාජයෙන් නින්දා ලැබීමට ප‍්‍රථම එ් භික්ෂුණියව සිවුරු හැරවිය යුතු බව තීරණය කළේ ය.

මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ එය විසඳීම උපාලි තෙරුන් හට බාර කළ සේක. හොඳින් කරුණු විමසා බැලූ නුවණැති උපාලි තෙරුන් වහන්සේ මේ ගැබ් ගැනීම පැවිද්දට පෙර සිදු වූවක් බැවින් එම භික්ෂුණිය නිර්දෝෂී යයි එම අර්බුදය මනාකොට විසඳන ලදි. මේ සිදුවීමත් සමඟ උපාලි තෙරුන් වහන්සේගේ කල්‍යාණ රාවය සිව්වනක් පිරිස අතරේ ම පැතිර යන්නට විය. එ් සිදුවීම කරුණු කොටගෙන භික්ෂු සංඝයා ඇමතූ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘‘එ්තදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛුනං විනයධරානං යදිදං උපාලි.”

‘‘පින්වත් මහණෙනි, මාගේ ශාසනයෙහි විනයධර භික්ෂුන් අතරින් මේ පින්වත් උපාලි භික්ෂුව අග‍්‍ර භාවයට පත් වෙයි.”

සම්බුදු සසුනේ ආයුෂය යනු විනයයි. උපාලි මහරහතන් වහන්සේ තම නිකෙලෙස් හද මඩලේ එ් තථාගත විනය මුළුමනින් ම දරාගෙන වැඩ සිටි සේක. එ් ලෝකයට පහළ වූ මහා ප‍්‍රඥ ඇස බඳු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ධර්ම විනය සංගායනා කිරීමට සිදු විය. මහා කස්සප මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් එක්ව සිදු කළ එ් ප‍්‍රථම ධර්ම සංගීතියේ දී අනාගත සසුනේ චිරසථිතිය පිණිස තමන් වහන්සේ ධාරණය කරගෙන සිටි විනය පිටකය උපාලි මහරහතන් වහන්සේ විසින් සංගායනා කරන ලදි. එහි දී විමසූ සියලූ විනය ගැටලූ ද උන් වහන්සේ නො පැකිලව විසඳන ලදි.

ප‍්‍රථම ධර්ම සංගීතියෙන් පසු බුදුසසුනේ ආයුෂ බඳු එ් උතුම් විනය පිටකය මතකයෙන් රැුගෙන ආවේ ද උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරෙනි. සම්බුදු සසුනේ වත්මන් ශ‍්‍රාවකයන් හට සුවසේ හික්මීම පිණිස ශාස්තෘ විනය ඉතිරි වූයේ එ් නිසා නො වේ ද?

එ් මහෝත්තම උපාලි මහරහතන් වහන්සේ පශ්චිම ශ‍්‍රාවක පිරිස කෙරෙහි හටගත් අනුකම්පාවෙන් යුතුව මේ අවවාද ගාථාවන් ද පවසන ලද සේ්ක.‍්

‘‘ගිහිගෙය අතහැරලා ශ‍්‍රද්ධාවෙන් ම ශාසනයට පැමිණුනු නවක භික්ෂුව පිරිසිදු ජීවිතයක් ගෙවන්ට ඕන. වීර්යවන්ත වෙන්ට ඕන. කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා ඇසුරු කරන්ට ඕන’
ගිහිගෙය අතහැරලා ශ‍්‍රද්ධාවෙන් ම ශාසනයට පැමිණුනු නවක භික්ෂුව සංඝයා ඇසුරේ ම වසන්ට ඕන. හොඳට ධර්ම-විනය ඉගෙන ගන්ට ඕන.

ගිහිගෙය අතහැරලා ශ‍්‍රද්ධාවෙන් ම ශාසනයට පැමිණුනු නවක භික්ෂුව කැප-අකැප දේවල් හඳුනාගැනීමට දක්ෂවෙන්ට ඕන. තණ්හාව පෙරට නො ගෙන වාසය කරන්ට ඕන.”
බුදුසමිඳාණන් වහන්සේ ජීවමාන සමයේ ම උපාලි තෙරුන් වහන්සේගේ ගුණ හඳුනාගත්, උන් වහන්සේට ප‍්‍රිය කළ බොහෝ ස්වාමීන් වහන්සේලා වූහ. ”ආන්න බලන්න පින්වත් මහණෙනි, අර පින්වත් උපාලි සමඟ සක්මන් කරන භික්ෂු පිරිස ඔබට පේනව ද? මහණෙනි, ඔය හැම භික්ෂුවක් ම විනයධරයි.” යනුවෙන් උපාලි තෙරුන්ගේ විනයධර බව ගැන ශාස්තෘන් වහන්සේත් ප‍්‍රශංසා කළ සේක.

තිලෝගුරු ගෞතම බුදු සමිඳුන්ගේ විනයධර පුත‍්‍රරත්නය වූ මහරහත් උපාලි තෙරුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

මහාමේඝ 2015  මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.