මේ පුවත වාර්තා වුණේ නෙදර්ලන්තයෙන්. එක්ස්ටසි මත්ද්‍රව්‍ය නීතිගත කරන්න කියා ඉල්ලා සිටිමින් නෙදර්ලන්ත ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ තරුණ අංශය යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. මේ තමයි නෙදර්ලන්තයේ විශාලතම තරුණ සංවිධානය. තරුණ අත් 40000කට අධික ප‍්‍රමාණයක් මේ යෝජනාවට පක්ෂව තම අත්සන යොදා තිබුණා. ඔවුන් නගන තර්කය තමයි නීතිගත නො කළා කියා මෙහි භාවිතයේ අඩුවක්වත්, නීතිගත කළා කියලා භාවිතයේ වැඩියක්වත් සිදු නොවන බව.

එ් ගැන කවුද හරියට ම දන්නේ? එ් හින්දා අදාළ නිගමන, තීරණ ගැනීම නෙදර්ලන්තයට බාරයි. හැබැයි අපි මේ දේ හරියට ම දන්නවා.

මෙන්න මත් වීමේ ආදීනව…!
‘‘පින්වත් මහණෙනි, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය සේවනය කිරීමෙන්, නැවත නැවතකිරීමෙන්, බහුලව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. පේ‍්‍රත ලෝකයෙහි උපතට හේතු වෙයි. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ලැබෙන හැමට සැහැල්ලූ විපාකයක් ඇද්ද, එ් අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට උම්මන්තක බවට පත් වීමට හේතු වෙයි.”
(අපාය සංවත්තනික සූත‍්‍රය – අට්ඨක නිපාතය, අං. නි.)

සැහැල්ලූ ම විපාකයත්, මනු ලොව ඉපදුණු කල්හි උම්මන්තක වීම… නීතිගත කළත්, නො කළත් මතට සිත පිහිටියා නම් මේ විපාක නො ලැබී බොල් වන්නේ නෑ කියලයි අපට කියන්න තිබෙන්නේ. මොකද, මේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය…!