මොන්සැන්ටෝ බහුජාතික සමාගම ලෝකයේ ජෛව තාක්ෂණය සම්බන්ධ නිෂ්පාදනවල ප‍්‍රබලයෙක්. මේ ඇමෙරිකානු සමාගම තමයි වැඩි අස්වනු ගෙනෙන ජාන විකෘති බීජ ලොවට හඳුන්වා දෙමින් බීජ එ්කාධිකාරියක් ගොඩනගා ගත්තේ. මේ සමාගමට එරෙහිව ලොව පුරා නගර 400කට අධික ප‍්‍රමාණයක පසුගිය සමයේ විරෝධතා දියත් කෙරුණා. මොන්සැන්ටෝ ජෛව රසායන නිෂ්පාදන හරහා මානව වර්ගයාගේ සෞඛ්‍ය තත්ත්වය, සතුන්, ජලය හා පරිසරය අනතුරේ හෙළන බවටයි මේ විරෝධතාකරුවන්ගෙන් චෝදනා නැගුනේ. මොන්සැන්ටෝ ආදි ප‍්‍රබල බහුජාතික සමාගම් තමයි අප වැනි කෘෂිකාර්මික රටවලට වැඩි අස්වනු ඉලක්කගත හරිත විප්ලවය හඳුන්වා දුන්නේ. තණ්හාව වැඩි කරවලා, පරිසරය විනාශ කරන තැනකට මිනිසා ව පොළඹවපු ඔවුන්ගේ වාණිජ පරමාර්ථ නිසා අද වෙන කොට මිනිස්සු රස කර කර වස කනවා. අපි හැමෝ ම මේ වෙනකොට වස කැවුනු මිනිසුන්. අඩු ම තරමේ අනාගත පරම්පරාවන්වත් මේ අනතුරෙන් ගලවා ගන්න අපි මැදිහත් වෙන්න ඕන.

සම්බුදුරජාණන් වහන්සේ නො කළ යුතු යැයි පනවා වදාළ වස විෂ වෙළඳාමෙන් ඉවත් වෙලා දැහැමි ගොවිතැන දිරි ගන්වන්නට හැකි නම්… පලා මිටියත් සුපිරි වෙළඳසැලෙන් ගන්න වෙලාවේ ගෙවත්තේ පොඩි වගාවක් පවත්වා ගන්න පුළුවනි නම්… වස නැතිව කෑම කන්න අපටත් පුළුවන්…!

බලන්න, ඔබේ ගෙවත්තෙන් පුංචි වගාවකට ඉඩක් නැති වෙයි ද කියලා…