මේ තුන්ලෝකය ම මේ තරම් ආලෝකවත් වී ඇත්තේ, එක ම එක මහා පුරුෂයකුගේ අප‍්‍රමාණ වූ පුණ්‍යානුභාවය නිසාවෙනි. එ් එක ම එක මහා පුරුෂයාණන් වහන්සේ වනාහි අපගේ භාග්‍යවතුන් වහන්සේ ම ය. උන් වහන්සේගේ පිළිසරණට පැමිණි අපිදු එ් අප‍්‍රමේය වූ පුණ්‍ය මහිමයේ අසිරිය ගැන අසන්නට තරම්වත් වාසනාවන්ත වීමු. එ් අසිරියේ උණුසුම මඳ වශයෙන් වුවත් විඳගන්නට අපි පුණ්‍යවන්ත වීමු. අද දක්වාත් භාග්‍යවතුන් වහන්සේ නමින් ගැයෙන තුති ගී, භාග්‍යවතුන් වහන්සේ උදෙසා ම තැනෙන මල් පාවඩ – මල් තොරණ – මල් ගොමු, භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිදු කෙරෙන මහා චෛත්‍ය පූජා – මහා විහාර පූජා ආදි නේකවිධ පූජාවන් එ් පුණ්‍යානුභාවයේ උණුසුම මඳ වශයෙන් වුව ද අප හට දනවන්නේ ය. කිසිවෙකු එ් අසිරිමත් පූජාවන් ගැන සිත නොපහන් කර නො ගත යුත්තේ ය. එ් පූජාවෝ වනාහි භාග්‍යවතුන් වහන්සේ කප් කෙළ ගණනක් තිස්සේ රැුස් කළ අසිරිමත් පාරමී පුණ්‍ය ගංගාවන්ගේ ප‍්‍රතිඵලයෝ ම ය. අද දක්වාත් බුදුරජුන් පූජාර්හ උතුමෙකු බවට පත් කරවීමට තරම් එ් පුණ්‍යානුභාවය ප‍්‍රබල ය. එලෙසින් ම, අද දක්වාත් කරකැවෙන, කිසිවකුට යළි පෙරැුලිය නො හැකි ධර්ම චක‍්‍රය, ආඥ චක‍්‍රය යන මේ සියල්ල ම පිනෙහි ප‍්‍රතිඵලයන් ම ය. කිසිවකු හෝ එ් පුණ්‍ය මහිමය ගැන උරණ වුවහොත්, එයින් වැනසී යන්නේ ඔවුන් ම ය. මරුන්ට ද අභියෝග කළ නො හැකි වූ බුදුරජුන්ගේ පිනට අභියෝග කරන්නට මිනිසුන් කෙසේ නම් සමත් වෙත් ද?

දෙදෙව් ලොවට අධිපති මහ බලැති සක් දෙව් මහ රජුන් පවා මනුලොව මිනිසුන් ඉදිරියේ වරෙක පැවසුවේ,
‘‘යෝ ධීරෝ සබ්බධී දන්තෝ
සුද්ධෝ අප්පටිපුග්ගලෝ
අරහං සුගතෝ ලෝකේ
කස්සාහං පරිවාරකෝ”
(මහාවග්ගපාලි – මහාක්ඛන්‍ධක)

‘‘යම් ධීරයන් වහන්සේනමක් සියලූ ආකාරයෙන් දමනය වූ සේක් ද පාරිශුද්ධ වූ සේක් ද උන් වහන්සේට සම වූවෙක් නම් නැත. අරහත් වූ ලෝකයේ සුගත වූ එ් භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙකරුවා වෙමි මම” යනුවෙනි. මෙසේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ස්වකීය පින් මහිමය නිසා පූජාවන් ලැබයේ, දෙව් මිනිසුන්ගෙන් පමණක් නො වේ. මේ සොබාදහම ද යම් යම් අවස්ථාවල දී උන් වහන්සේට පූජා පිණිස සකස් වී ඇත්තේ ඉතා අසිරිමත් අයුරිනි. එ්වා හඳුන්වන්නේ, දෙතිස් මහා පූර්වනිමිති පූජා යන නමිනි. මහා ඉසිවරයන් වහන්සේ උදෙසා මෙම පූජාවන් පවත්වන කල්හි සොබාදහම විසින් ‘එ් භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙකරුවා වෙමි මම’ යනුවෙන් උස් හඬින් පවසන්නට ඇත. එකරුණ සලකාගෙනයි අප විසින් මෙම ලිපියෙහි උපන්‍යාසය වශයෙන් ‘එ් භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙකරුවා වෙමි මම’ යන්න යෙදුවේ.

අප යළි යළි ද සිත පහදවාගත යුත්තේ ය. අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ අජීවී සොබාදහමින් ද පූජාවන් ලැබීමට තරම් මහා ගුණ ඇති සේක. එ් භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් පුණ්‍යානුභාවයට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා! තුන්ලොවට අපමණ සැනසීම උදාකළ එ් පුණ්‍ය මහිමයට යළි යළි ද මාගේ වන්දනාව වේවා! එ් දෙතිස් මහා පෙරනිමිති පූජාවන් අපගේ දම්රජාණන්ගේ කුමර උප්පත්තියේ දී, අප බුදුරජුන්ගේ ශ‍්‍රී සම්බුද්ධත්වයේ දී, ධර්මචක‍්‍ර ප‍්‍රවර්තනයේ දී සිදු වී ඇත්තේ ය. මේ පූජාව ගැන මයුරපාද පිරිවෙන්හී බුද්ධපුත‍්‍රයන් වහන්සේ සටහන් කර ඇති නිසාවෙන් අපිදු එය දැනගතිමු. දෙවිමිනිසුන්ගේ යහපත පිණිස ද දෙව්මිනිසුන්ගේ මහාමුනිවරයාණන් හට පූජෝපහාර පිණිස ද යළිදු අපි එය මෙසේ අකුරු කර තබමු. දම් රජුන් ගැන ශ‍්‍රද්ධාව පිහිටුවා ගැනීම ලොවට සැපයක් ම ය! (සුඛා සද්ධා පතිට්ඨිතා)

1. මිහිකත භාග්‍යවතාණන්ගේ පුණ්‍යානුභාවයෙන් කම්පා වී බුදුරජුන් හට වන්දනා කළා ය. (සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ‘අප භාග්‍යවතුන් වහන්සේ බෝ මැඩ දී අදමිටු බලවේග පරදවන මොහොතේ මිහිකත නැගී සිටින වගයි’ යන හිසින් රමණීය අයුරින් සිත්තම් කොට ඇත්තේ මෙම පූජාව යි.)
2. දස දහසක් සක්වළ පුරා දේවානුභාවය ඉක්මවා ගිය මහත් ආලෝකයක් පැතිරිණ.
3. උපතින් ම අන්‍ධ වූ පුද්ගලයෝ සම්බුදු මහිමයෙන් දෑසෙහි පෙනීම ලදහ.
4. උපතින් ම ගොළු වූ මිනිසුනට කුරවීක නද පරදවාලන කටහඬ ලැබිණ.
5. උපතින් ම බිහිරි වූ පුද්ගලයෝ බුද්ධානුභාවයෙන් ඉබේ වැයෙන මිහිරි පසඟතුරු නද ඇසූහ.
6. උපතින් ම පා නො ලත් පිළුන් එකල්හි පා ලදින් නළුවන් සේ නටයන්නට වන.
7. උපතින් ම කුරු ව, කුදු ව උපන් සත්වයෝ බුද්ධානුභාවයෙන් ආරෝහ පරිණාහ ඇති දේහ ලදහ.
8. සිර කර තබන ලද ඇත් අස් කුරුළු ආදි සතුන්ගේ බන්ධන සිඳී ගොස් ඔවුහු මහත් සතුටට පත් වූහ.
9. සියලූ ම නිරයන්ගේ ගිනි ජාලාවෝ මොහොතකට නිවී ලොවේ සැම තැනක ම අප‍්‍රමාණ වූ ශාන්තියක් ඇති වූයේ ය.
10. කල්පයක් පුරා බත්පැන් නො ලත් පේ‍්‍රතයෝ එකල්හි ආහාර ලබා පිනාගිය සිතැත්තෝ වූහ.
11. උපන් දා සිට මරණ බිය පහ නොවූ සිතැති තිරිසන්ගත සතුන්ගේ මරණ බිය මොහොතකට සන්සිඳින.
12. බුද්ධානුභාවයෙන් පහ වූ රෝගපීඩා ඇති සියලූ සත්වයෝ ප‍්‍රීතිඝෝෂා නැංවූහ.
13. සකලවිධ අප‍්‍රිය වචන මොහොතකට ලොවෙන් තුරන් ව ප‍්‍රිය තෙපුලෙන් ලොව සැනහිණ.
14. ලොවේ සියලූ ම අශ්වයෝ භාග්‍යවතුන් වහන්සේට පූජා වශයෙන් හේෂාරාව නැංවූහ.
15. සියලූ හස්තීහු සතුටින් ඔද වැඩුණු සිතැතිව කුඤ්චනාද පැවැත්වූහ.
16. සියලූ ම සිංහ රාජයෝ සම්බුදුරජුන්ගේ දම් සිහනදට පූජා පිණිස ගම්භිර වූ සිංහනාද පැවැත්වූහ.
17. සියලූ තිරිසන්ගත සතුන් සුමිහිරි නාදයන් පවත්වන්නට වන.
18. රන්රුවනින් තැනූ ආභරණයෝ තුමූ ම සැලී රාවප‍්‍රතිරාව නැංවූහ.
19. දසදිසාවෙහි ම බුදුරැුස් විහිදෙන්නාක් සේ විවිධ රශ්මීන් පැතිර ගියේ ය.
20. වාතවලාහක දිව්‍යපුත‍්‍රයන් විසින් සුවඳැුති මඳ පවන් සලමින් බුදුරජුන් පුදන ලද්දේ ය.
21. වැස්සවලාහක දිව්‍යපුත‍්‍රයන් විසින් අකල් වැසි වස්වා මහාමේඝ ගර්ජනාවෙන් දම්රජුන් පුදන ලද්දේ ය.
22. මහා පෘථිවියෙන් ජල ධාරාවන් ඉබේ ම මතුවිය.
23. සියලූ ම සියොත්හු අහසේ නො සලමින්, තුරුමුදුන් මත නො රැඳෙමින් මිහිකත මතට බැස සුමිහිරි නාද කළාහු ය.
24. මොහොතකට සියලූ ගංගාවෝ පවා සම්බුදු තේජසින් ගලා යෑම නවතා නිසලව සම්බුදු අසිරිය දෙස බලා සිටියහ.
25. සාගර ජලය මොහොතකට ලූණු රස බැහැරලා මිහිරි රසයෙන් යුක්ත වූයේ ය.
26. මහ සයුර මත පස්පියුම් මැවී සමුදුර මල් යායක් බඳු විය.
27. දියගොඩ පිපෙන සැම මලක් ම ක්ෂණයෙන් පිපී දසත සුවඳ විහිදුවා රොන් සලමින් භාග්‍යවතුන් වහන්සේට පූජා වූයේ ය.
28. දස දහසක් සක්වළ සියලූ තැන මලින් වැසී මල් ශාලාවක් බඳු විය.
29. මහා නෙළුම් මල් තැනින් තැන බුදුරජුන්ට පූජා පිණිස පිපී ගියේ ය.
30. සියලූ නුබගැබ මලින් වැසී ගොස් භාග්‍යවතුන් වහන්සේට මල් වියන් පූජාවක් බඳු වූයේය.
31. බුදුරජුන්ගේ අනන්ත පුණ්‍ය තේජසින් මල් වැසි වැස මුළු මහා පෘථිවිය එකම මල’සුනක් බඳු වූයේ ය.
32. බඹ ලොව දක්වා නේක වර්ණ ඇති ධජ පතාකයන්ගෙන් වැසී ලෙළ දෙමින් පූජා වූයේ ය.
මෙහි එන ඇතැම් පූජාවන් මනුෂ්‍යාගේ චින්තනයට විෂය නොවන හෙයින් සිදු වීමට අභව්‍ය දේ සේ පෙනෙන්නට පුළුවන. එහෙත් මේ පිළිබඳ සැකසංකා උපදවන්නට හේතුවක් නැත්තේ, භාග්‍යවතුන් වහන්සේගේ විපුල පුණ්‍ය මහිමයෙහි නිස්සන්ද ඵලය පවා සාමාන්‍ය මනුෂ්‍යයාගේ චින්තනයට විෂය නො වන නිසා ය. භාග්‍යවතුන් වහන්සේගේ පින් මහිමයෙන් ලෝකයාට සැප පහසුව උදා වීම නිස්සන්ද ඵල යනුවෙන් හඳුන්වයි. මේ පිළිබඳ අතිපූජනීය අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත‍්‍ර මහානායක මාහිමියන් වහන්සේ ද මෙසේ සඳහන් කොට තිබේ.

‘‘සාරාසැකි කප් ලක්ෂයක් පෙරුම් පිරූ බෝසතාණන් සෙසු සාමාන්‍ය මිනිසුන්ගේ ගණයෙහි ලා සැලැකීම වැරදි ය. ලොව පහළ වූ හැම දෙයින් ම සෙස්සනට වැඩි, දෙවියන්ටත් වැඩා උසස් ආශ්චර්ය පුද්ගලයෙකි මහා බෝසතාණෝ.”
(ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය)

එ්කාන්තයෙන් ම අසිරිමත් ය! මේ සියලූ පූජාවන් විඳ ගැනීමට භාග්‍යවතුන් වහන්සේ ම සුදුසු වන සේක. මේ සියලූ යහපත ලෝකනාථයන් වහන්සේගේ පින් මහිමය නිසා ම ලොවට උදා විය. පින ද වනාහි මෙතරම් ම අද්භූත අසිරිමත් මහානුභාව සම්පන්න දෙයකි. මේ බව ඉතා මැනැවින් බුද්ධ පුත‍්‍රයන් වහන්සේ ප‍්‍රතිසන්ධි පූජා කථාවෙහි දී වදාරණ සේක.

‘‘මෙසේ මාගේ ශ‍්‍රී මහා බෝධිසත්වයන් මවුකුස පිළිසිඳගත් ඇසිල්ලෙහි ම පාරමිතා බලයෙන් ජනිත වූ උන් වහන්සේගේ ම පුණ්‍ය ප‍්‍රභාවයෙන් ලොවට අද්භූත වූ ආශ්චර්ය පූජා දෙතිසෙක් පහළ විය.”

එම නිසා අපිදු මෙසේ එ් භාග්‍යවතුන් වහන්සේ ගැන තව තවත් සිත පහදවා ගනිමු. ‘‘අහෝ! අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ එ්කාන්තයෙන් ම ආශ්චර්යවත් වන සේක! අද්භූත වන සේක! අපගේ පූජාවන් පිළිගැනීමට උන් වහන්සේට සමාන වූ හෝ, වැඩි තරම් වූ හෝ පූජාර්හ වූ උතුමෙකු වෙන නොමැත්තේ ම ය” යනුවෙන් සවර්ණමාලි මහා සෑයේ ධාතු නිධානෝත්සවයේ දී දෙව් බඹුන් දිව්‍ය බ‍්‍රහ්ම ඡුත‍්‍රයන්ගෙන් බුදුරජුන් පුදනු දුටු ගාමණී අභය නරනිඳුන් ‘දෙව් බඹ සේසතින් පුද ලබන මගේ බුදුරජුන්ට ලංකා ඡත‍්‍රයෙන් ද පුදන්නෙමි’යි සිතා ශ්වේතඡුත‍්‍රය පිදුවා සේ, සිත්පිත් නැති අජීවි ස්වභාවධර්මයාගෙන් පවා පුද ලැබීමට භාග්‍යවන්ත වූ අපගේ මරප‍්‍රවර මුනීන්ද්‍රයන් වහන්සේට අපිදු තව තවත් අග‍්‍ර වූ පූජාවෙන් පුදන්නෙමු.

මෙය කියවන අසන සියල්ලෝ උතුම් වූ බුදුසරණ පිළිබඳ සතුටු සිත් ඇත්තෝ වෙත්වා! භාග්‍යවතුන් වහන්සේ උදෙසා ලොවේ සිදුවන මහානීය පූජාවන් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! පැහැදිය යුතු ම වූ, අසම සම වූ, ලෝකයට එක ම පිළිසරණ වූ, එක ම පිහිට වූ, එක ම ඇස වූ, අග‍්‍ර – ශ්‍රේෂ්ඨ – විශිෂ්ට – උත්තම – අති උත්තම – වර ප‍්‍රවර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ තව තවත් සිත පහදවා ගනිත්වා! අග‍්‍රදක්ෂිණාර්හ වූ, අප‍්‍රතිපුද්ගල වූ, අප‍්‍රතිභාග වූ, අප‍්‍රතිසම වූ, ශාක්‍යමුනි සම්බුදුරජුන්ගේ අපරිමිත සම්බුද්ධ තේජානුභාවයෙන් ඔබ සැමට ජය මංගල්‍ය වේවා!

එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

මෙම ලිපිය මෙබඳු මහා භාග්‍යයෙන් හෙබි අපගේ සම්බුදු මහෝත්තමයන් වහන්සේ හට ද බුදුරජුන්ගේ කලණ දහම් වැට අප කෙරෙහි අනුකම්පාවෙන් නැවත පිහිට වූ අපගේ ධර්මාචාර්යෝත්තමයන් වහන්සේ හට ද ශ‍්‍රද්ධාවෙන් සිදු කෙරෙන පූජෝපහාරයක් ම වේවා!

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.

සටහන
රවීන් කෝදාගොඩ