අද ලෝකයේ තාක්ෂණික දියුණුව කියල කියන්නෙ එක් රැුයකට ඉතා දිගු ගමනකින් ඉදිරියට යන දෙයක්. භෞතිකව පෙනෙන්නට තිබෙන කුමන දියුණුවකට වුණත් මුල් වෙලා තිබෙන්නෙ අපේ සිත තුළ තිබෙන නිර්මාණශීලි හැකියාව යි. ඉතින් එ් හැකියාව සමාජයට යහපතක් ගෙන දෙන්නට වගේ ම විනාශ මුඛයට ඇද දමන්නට ද සමර්ථයි. හරියට හොඳට නරකට දෙකට ම පාවිච්චි කරන්නට පුළුවන් දැලි පිහියක් වගේ…

අද වන විට දවසකට ලෝකය පුරා බොහෝ සෙයින් සොරකම්, දූෂණ, අපචාර ආදිය නොයෙක් දෙසින් අසන්නට දකින්නට ලැබෙනවා. මේවායින් බොහොමයකට අද පවතින තාක්ෂණික මෙවලම් සහ ක‍්‍රමවේදයන් ද හවුල් කරගෙනත් තියෙනවා. අපරාධ කරන්න තාක්ෂණය යොදා ග්නනවා වගේ ම අපරාධ මැඩ පවත්වන්න සහ අපරාධ සම්බන්ධ සාක්ෂි එකතු කරන්නත් අද වන විට තාක්ෂණය බහුලව භාවිත කෙරෙනවා.

මේ අලූත් ප‍්‍රවණතාවය තුළ සුවිසල් ඉඩක් වෙන් කර ගත්ත, තාක්ෂණය තුළින් ම බිහිවුණ මෙවලමක් තමයි CCTV (closed circuit television) කියල කියන්නෙ. මෙම ක‍්‍රමයේ දී මුලික වශයෙන් ම කරන්නෙ තමන්ට නිරීක්ෂණය කිරීමට අවශ්‍ය ප‍්‍රදේශය ආවරණය වන පරිදි කැමරා සවි කිරීමයි. ඉන්පසු එම කැමරා සියල්ලෙන් ම එන දර්ශන සියල්ල එක් ස්ථානයක තිබෙන පරිගණයකින් නිරීක්ෂණය කිරීමත් එ් වගේ ම යම්කිසි කාලයක් පුරාවට එම දර්ශන පටිගත කර තබා ගැනීමත් සිදු කෙරෙනවා.

අද වන විට මෙම තාක්ෂණය ලොව පුරා ඉතා සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ශ‍්‍රී ලංකාව තුළ වුණත් සුපිරි වෙළඳසැල්, විශාල ගාඩනැගිලි, ආයතනවල පමණක් නොව කුඩා වෙළඳසැල්වල, නිවෙස්වල සහ නිවෙස අවට වත්ත තුළ වගේ ම රථ වාහන ගමන් කරන පාරවල්වල පවා මේ කැමරා පද්ධති ක‍්‍රියාත්මක පවතිනවා. මෙම ක‍්‍රමයේ දී ප‍්‍රධාන වශයෙන් ම සිද්ධ වෙන්නෙ යම් කෙනෙක් කිසියම් අපචාරයක් කිරීමට ඇති ඉඩකඩ ඇහිරීම යි. වරදක් කිරීමට පෙළඹෙන පුද්ගලයාට තමන් කැමරාවකට හසුවනවා කියන කාරණය බිය උපදවන්නක්, තර්ජන ඇති කරවන්නක්. තමා සිටින ප‍්‍රදේශය මේ ආරක්ෂිත කැමරා ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශයක් බවට දැනුම්වත් කිරීමට දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කෙරෙන විටක දී කවරෙකු වුණත් වරදක් කිරීමට පසුබට වෙනවා. එ් තුළිනුත් යම් මට්ටමකින් කෙනෙක් වරදක් කිරීමට ඇති ඉඩකඩ ඇහිරෙන අතර ම යම් විදිහකට වරදක් කළොත් ඔහුව හඳුනාගැනීමට ද හැකි වෙනවා. එමගින් එම වරද සම්බන්ධව ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමේ දී පවා පහසුවක් සැලසෙනවා.

වෙළඳසැල් ආදියෙහි නම් මූලික වශයෙන් ම මේ ක‍්‍රමය උදව් කර ගන්නෙ භාණ්ඩ සොකරමට ලක්වීම අවම කර ගැනීමට යි. එහි දී සේවක අරපිරිමැස්ම හා විධිමත් ලෙස සේවකයන් සේවයෙහි යෙදවීම යන කරුණු ඉටු කර ගන්නටත් පිළිවනි. එ් වගේ ම පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලත් බහුල ලෙස තාක්ෂණය භාවිත වනවා. තමන් කරන රැකියාව තුළ අලසව දොඩමළුව කල් ගෙවන අයගේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට මෙමගින් රුකුල් දෙනවා.

මෙකල ලොව පුරා සිදුවන විවිධ ආකාරයේ මාර්ග අනතුරු මාර්ග නීති රීති කඩකිරීම් ආදිය රූපවාහිනිය තුළින් හා අන්තර්ජාලය තුළින් අපට දකින්නට ලැබෙනවා. මේ සියල්ල ග‍්‍රහණය කර ගැනීමට හැකියාව උදා වෙලා තිබෙන්නෙ තාක්ෂණය භාවිත කිරීම තුළිනුයි. එ් තුළින් අනතුරු සිදුවීමට ඇති අවස්ථා පිළිබඳව පෙර දැනුම්වත්වීම මගින් අනතුරු අවම කර ගැනීමේ හැකියාවත් උදාවෙලා තිබෙනවා.

මුළු මහත් ලෝකය පුරා ම අපරාධ සහ අනතුරු සම්බන්ධයෙන් විධිමත් සාක්ෂි සහිත නව ප‍්‍රවණතාවයක් ඇති කරන්නට සීසීටීවී තාක්ෂණය සමත් වීතිබෙන බව නොරහසක්. ඉස්සර නම් මුරකරුවෙකු ඉන්නවා ද කියන කාරණය ගැනයි අපරාධකරුවන් සැලකිලිමත් වුණේ. එ්ත් මේ අලූත් රැල්ලත් එක්ක දැන් දැන් සිද්ධ වෙලා තියෙන්නේ කැමරා තියෙනව ද කියන එක ගැනත් හොඳට හොයලා බලන්නයි.

බැලූ බැල්මට විශ්වකර්ම නිර්මාණයක් වගේ පෙනුණත් තාක්ෂණය තුළින් සපුරාගත නො හැකි අඩුපාඩු බොහොමයකුත් මෙහි තිබෙනවා. මේ අතර තිබෙන ප‍්‍රධාන ම අඩුපාඩුව තමයි මෙය හුදෙක් ම නිරීක්ෂණ උපකරණයක් පමණක් වීම. මේ තුළින් අපරාධයක් සිදුවන මොහොතේ සිදුවන ආපදාව මගහරවා ගැනීමට ඇති නොහැකියාව. බොහෝ විට එය ජීවිත හානියක් වන්නට පවා පුළුවන්. එහෙම බරපතළ ඛේදවාචකයක් සිදු වුණොත් කැමරා තුළින් එය නිරීක්ෂණය කළා කියල කිසිම වටිනාකමක් එකතු වන්නේ නැහැ නේ ද? කථාවකුත් තියෙනවානේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්න ද කියලා… අන්න එ් වගේ තමයි මේ තාක්ෂණයත්.

එ් වගේ ම තමයි මෙවැනි ක‍්‍රමවේද භාවිතය තුළින් පෞද්ගලිකත්වය මුළුමනින් ම ඉවත් වී යනවා. එ් හේතුව නිසා ම තාක්ෂණය යොදා ගැනීමට සමාජය මැලි වන අවස්ථා ද තිබෙනවා. ඊ ළඟ කරුණ තමයි ආවරණ කලාපයක් ස්ථාපනය කිරීමට මූලික වශයෙන් යන වියදම සාපේක්ෂව ඉහළ අගයක් වීම. මේ නිසා සීසීටීවී තාක්ෂණයේ අවශ්‍යතාවය කොච්චර තිබුණත් ක‍්‍රියාවට නැංවීමේ අපහසුතාවයන් ද තිබෙනවා.

කොතරම් කැමරා ප‍්‍රමාණයකින් ආවරණ සැලසුවත් කැමරාව තුළින් හඳුනාගන්නට බැරිවන ආකාරයට සැලසුම් සහගත ලෙස තවමත් බොහෝ දූෂණ හා අපරාධ ලොව පුරා සිදුවෙනවා. ඇතැම් විට සීසීටීවී කැමරා ඇස් වහලා අපරාධ සිදු කළ අවස්ථාවනුත් වාර්තා වනවා. එ් නිසා මොන තරම් දියුණු වුණත් සියයට සියයක් ආරක්ෂාව තහවුරු කරන්නට නම් මෙවැනි මෙවලම්වලට හැකියාවක් නැති බව තමයි පෙනී යන්නේ.

මේ ආකාරයට ආරක්ෂාව ඉහළ නංවන මෙවලමක් ලොව ස්ථාපිත වීමට හේතුව වන්නේ සමාජය තුළ අනාරක්ෂිත බව ඉහළ යෑම නේ ද? එසේ සමාජය අනාරක්ෂිත වී තිබෙන්නේ, භය සහිත තැනක් බවට පත්වී තිබෙන්නේ දුසිල්වත් බව සමඟ ඇතිවන ආධ්‍යාත්මික පිරිහීම නිසයි. තාක්ෂණය තුළින් මුළු ලෝකය ම ආවරණය කළත් තම සිත කය වචනය සංවරයෙන් ආවරණය නො කළොත් තාක්ෂණය අරුත් සුන් දෙයක් බවට පත්වෙනවා.

මහා කරුණා ඇති බුදුරජාණන් වහන්සේ ආධිපත්‍යය සුත‍්‍රයේ දී පෙන්වා දී වදාළා යම් කෙනෙක් තමාව උපමා කරගෙන හෝ වරදින් මිදිය යුතු වෙනවා. නැත්නම් ලෝකයෙන් චෝදනා ලැබීමට අකමැති ව හෝ වරදින් මිදිය යුතු වෙනවා. එසේත් නැත්නම් ධර්මය තුළින් පින් පව් විපාක දැනගනිමින් වරදින් මිදිය යුතු වෙනවා. එතකොට කැමරා ආදි තාක්ෂණික මෙවලම්වලින් ආවරණය වී තිබුණත් – නැතත් අප කිසි කලෙක වරදකට නිරාවරණය වන්නෙ නැහැ.

තාක්ෂණය කවර නිම් වළලූ කරා පුළුල් වූවත් තිදොර සංවර කර ගත්ත, සිත දමනය කර ගත්ත, සිත ඍජු කර ගත්ත කෙනෙකුට එය කිසිසේත් ම බාධකයක් බවට පත් වන්නේ නැහැ. තමනුත් ආරක්ෂා වෙලා, ලෝකයටත් සැබෑම ආරක්ෂාව සපයන එක ම වැඩපිළිවෙළ තමයි මේ. එ් වැඩපිළිවෙළේ ඉන්න කෙනාව, තිරව පිහිටන කෙනාව කොටු කර ගන්න ලෝක පාලක පවිටු බලවේගයටවත් බැහැ. එහෙම එකේ මේ උතුම් පුරුෂයාව සීසීටීවීවලින් කොහොම කොටු කරන්න ද? එ් නිසා අපේ ආධ්‍යාත්මික ගුණ වගාව පිරිහීමට ලක්වීමට ඉඩ නො තබා ආයතන හය සංවර කර ගනිමින් ධර්මය තුළ රැකවරණය සලසා ගැනීමට අපිත් අදිටන් කර ගනිමු.

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
කෝසල සමරසේකර