ඔන්න උත්සව සමයක් එනව. දැන් ඉතින් කොහා කෑගහනවත් එක්ක අපේ හිතට අදහසක් දීල තියෙනවනෙ අලූත් වෙන්න ඕන කියල. හින්දු ක‍්‍රමයට හෝ අලූත් අවුරුද්ද සමරන එක දැන් සංස්කෘතික අංගයක් වෙලා හමාර නිසා, අපි උත්සාහ කරමු මේ තුළ ධර්මයේ හැසිරෙන ආකාරය ගැන සොයා බලන්නට. එ් ඇයි? යම් සමාජයක ඉපදුණු නිසාවෙන්, එ් සංස්කෘතික අංග ඇසුරු කරන නිසාවෙන් ශ‍්‍රාවකත්වය නම් පිරිහෙන්නට දෙන්න එපා. පිරිහුණු සිතින් සංසාරේ ගමන් කරන්නට සිදු වෙනවා නම් කොච්චර දුක් සහිත ද? කොච්චර අභාග්‍ය සම්පන්න ද? සතර මහා සාගරයකටත් වඩා එකතු කළ කඳුළු සහිත ජීවිතයකට තවත් කඳුළු ම එක් කරන්නට ඔබ සූදානම් ද?

අපේ නව වසර සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවන වෙසක් මාසය නම් ගොඩක් පින් ම රැස් කර ගන්නට හැකි මාසයක්. එ්ත් මේ බක් මස අවුරුදු සමයේ බොහෝ පිරිස් සතුට සැනසුම සොයා දුසිරිත පුරුදු කරන්නට යොමු වෙනවා. බොහෝ පිරිස් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ලබනු පිණිස විශේෂයෙන් සකසා ගත් සංස්කෘතික අංගයන් උපයෝග කොටගෙන එක එක දෑ කරනවා. නමුත් සිතට එ්කාන්තයෙන් රැකවරණයක් ම වන මේ ධර්මය පසෙකලා කාමයන්ගෙන් අන්ධ වන්නේ නම් නැවතත් සසර ගමනක දුක්ඛිත ඉරණමක් ම හිමිවන බව අපි හොඳින් මතක තබා ගන්න ඕන. එ් නිසායි අලූත් අවුරුද්දත් ධර්මයේ ගුණයක් ම වැඩෙන අයුරින් සකසා ගන්නට අප උනන්දු විය යුත්තේ. ඉන් බොහෝ පින් රැස්කර ගන්න අවස්ථාව උදා වෙනවා. එ් වගේ ම නිවන් මඟට උපකාර වන කෙතරම් නම් ධර්මයන් පුරුදු කර ගත හැකි ද..

උත්සව සමයක් ගොඩක් වටිනා කාලයක් ලෙස ශ‍්‍රාවකයෙක් විසින් සකසා ගන්නේ කොහොම ද? හොඳ ගුණ ධර්ම ගැන, යුතුකම් ගැන, ආදර්ශ සම්පන්න ජීවිත ගැන මාධ්‍ය සාකච්ඡා නම් ජනමාධ්‍යවලින් මේ කාලෙ ගොඩක් අහන්න ලැබෙනවා. එ්ත් එ් යහපත් දේ අපි පුරුදු කරනවාදැයි කියන එකයි ගැටලූව. යහපත පුරුදු කරන්නට යහපත් සමාජයක් ඕනැ. යහපත් පිරිසක අනුබලයක් ඕනැ. යහපත් සමාජයක්, යහපත් පිරිසක් බිහි කිරීම සඳහා එ් සමාජයේ එකමුතුකම ගොඩක් වටින දෙයක්. එකමුතුව වාසය කරන කොට යහපතට සියලූ දෙනාගේම එකඟතාවක් ඇති වෙනවා. එතන වාද විවාද නැහැ. යහපත පුරුදු කරනවා කියන සම අදහස සියලූ දෙනාටම තිබෙනවා. අන්න එ් සමාජයේ කුසල් වැඩෙනවා. එ් සමාජයේ ජීවත් වෙමින් ධර්මය පුරුදු කරන කෙනාට ලැබෙන අනුග‍්‍රහය නිසා එ් අයගේ ධර්ම මාර්ගය ම යි දියුණු වෙන්නේ.

යහපත් සමාජයක යහපත පවත්වා ගන්නට අවශ්‍ය මූලික කාරණයක් තමයි සමඟිය කියන්නේ. සමඟි සම්පන්න නැති යම් පිරිසක් වේ ද සියලූ දෙනා විනාශයට පැමිණෙන ආකාරය දැක්වෙන අපූරු ජාතක කතා වස්තුවක් තමයි සම්මෝදමාන ජාතකය. අසමඟි වූ වටු කුරුල්ලන් සියල්ල එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටි නිසා දැළ එළුෑ වටු වැද්දාට හසු වූ කතා පුවත ඔබ අසා ඇති නේ ද? යහපත පුරුදු කරන සමාජයකට පදනම බඳු සමඟි සම්පන්න භාවය ඉතා වටින්නේ එකිනෙකාගේ ම සුරක්ෂිතකම පිණිස යි. එ් වගේ ම අසමඟි පිරිසක් සිටින විට සද්ධර්මය අතුරුදන් වන බව බුදුරජාණන් වහන්සේ සද්ධම්ම සම්මෝස සූත‍්‍රයේ දී පෙන්වා දුන්නා.

‘‘තව ද මහණෙනි, සංඝයා බිඳුණේ වෙයි. මහණෙනි, සංඝයා භේද බින්න වූ කල්හී එකිනෙකාට හට ආක්‍රෝශ කරන්නාහු වෙති. එකිනෙකා හට තර්ජනය කරන්නාහු වෙති. එකිනෙකා හට විරුද්ධ ජනයා පිරිවරන්නාහු වෙති. එකිනෙකා හට හෙළා බැහැර කරන්නාහු වෙති. එහිලා නො පැහැදුණුවුන් තවත් නො පැහැදී යති. පැහැදුණා වූ ඇතැම් කෙනෙකුන් වෙනස් වී යති. මහණෙනි, සද්ධර්මයෙහි වැනසීම පිණිස, අතුරුදහන් වීම පිණිස පවතින පස්වෙනි කරුණ මෙය යි.”

එ් නිසා අලූත් වෙනසක් වෙනුවෙන් පවුලේ සියලූ දෙනාමත්, ගම්වැසියන් – රටවැසියන් සියලූ දෙනාමත් එ්කරාශී වන මේ කාලයේ දී සියලූ දෙනාගේ යහපත පිණිස වන සමඟි සම්පන්න භාවයන් ප‍්‍රකට කරවන්නට අපි එකනෙකා උත්සාහ ගනිමු. එවිට මේ ගෙවී යන උත්සව සමය අර්ථවත් වූ පුණ්‍ය කාලයක් ම බවට පත් කර ගන්නට අප කාටත් අවස්ථාව ලැබෙනවා.

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
කාලිංග මහානාම