2004 පෙබරවාරි මස 04 වනදා කියන්නෙ ශ්‍රී ලංකාව සුදු ජාතීන්ගේ පාලනයෙන් නිදහස ලබා අවුරුදු 56ක් ගත වුණ දිනය… යටත් විජිතයක් වීමෙන් නිදහස් වූ අප නිදහස ලැබීමට පෙර පටන්මත්, ඉන් පසුවත් ලෝකය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම සිදු කරනු ලැබුවා. 1977 වර්ෂයේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති හඳුන්වා දීමත් සමඟ පෙර නො වූ විරූ ආකාරයෙන් අප ලෝකය සමඟ මුසු වූවා යැයි කීමේ වරදක් නැහැ…

2004 පෙරබරවාරි මස 04 වනදා ලෝකයේ තවත් සුවිශේෂී සිදුවීමක් සිදු වුණා. ලොව පුරා බිලියන ගණනාවකගේ ජීවිත ග‍්‍රහණය කර ගන්නට සමත්කමක් සහිතව මානව හා සමාජ සම්බන්ධතා පුළුල් පරාසයකට ගෙන යන සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් ලෙස ‘ෆේස්බුක්’ හෙවත් ‘මුහුණු පොත’ නිර්මාණය වූයේ මේ දිනයේ දී. වර්තමානයේ අප රටේ වගේ ම අන් බොහෝ රටවලත් ලෝකය හා යා වන ප‍්‍රධාන සන්නිවේදන දොරටුව බවට පත් වී තිබෙන්නේ මේ සමාජ මාධ්‍ය ජාලයයි…

ෆේස්බුක් ගැන නො අසපු, නො දන්න අය සමාජයේ බොහෝ අඩුයි. සුළු කාලයක් තුළ පුළුල් පරාසයකට පැතිරී ගිය උන්මාදනීය තත්ත්වයක් දක්වා ෆේස්බුක් වර්ධනය වීමත්, එ් කෙටි කාලය තුළ ම අන්තර්ජාලය හා ෆේස්බුක්වලට ඍජු සම්බන්ධයක් සහිත සියදිවි නසා ගැනීම් හා අපරාධයන් අප රටෙන් ද වාර්තා වීමත් එයට හේතු වුණා. සාධනීය බලපෑමට වඩා නිෂේධනීය බලපෑමක් සමාජය වෙත ඇති කරවන්නට මේ සමාජ වෙබ් අඩවි භාවිතය හේතු වූවා ද කියන ප‍්‍රශ්නය ඇති වූයේ මේ කාරණා හරහායි….

ශ්‍රී ලංකාවේ තත්ත්වය

– ස්ථාවර ප‍්‍රවේශ දුරකථන (Fixed Access Phone)සංඛ්‍යාව – මිලියන 2.7
– පුළුල් පරාස ජංගම දුරකථන (Mobile Broadband) සංඛ්‍යාව – මිලියන 1.5
– ස්ථාවර පුළුල් දුරකථන (Fixed Broadband) සංඛ්‍යාව – ලක්ෂ 05
– ජංගම දුරකථන සංඛ්‍යාව – මිලියන 20
– අන්තර්ජාල, ඊමේල් පහසුකම් සහිත ස්ථාවර දුරකථන සංඛ්‍යාව – 482,651
– අන්තර්ජාල, ඊමේල් පහසුකම් සහිත ජංගම දුරකථන සංඛ්‍යාව – 1,210 862
(ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප‍්‍රකාශිත දත්ත – 2013 දෙසැම්බර් 31)

ෆේස්බුක්

– සෑම තප්පරයක ම සක‍්‍රීය වන නව ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව – 05
– දිනකට ෆේස්බුක් ජාලයට එක් වන සංඛ්‍යාව – මිලියන 757
– මාසිකව සක‍්‍රීය කර ගන්නා ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව – බිලියන 1.23
– ෆේස්බුක් ගිණුම් සක‍්‍රීය කර ගැනීම්වල වාර්ෂික වර්ධනය – 16%
– ෆේස්බුක් ගිණුම හරහා දිනකට ඡුායාරූප නිකුත් කරන සංඛ්‍යාව – මිලියන 350
– ජංගම දුරකථන හරහා ෆේස්බුක් ගිණුම්වලට දෛනිකව පිවිසෙන සංඛ්‍යාව – මිලියන 556
– ජංගම දුරකථන හරහා දෛනිකව සකී‍්‍රය කරන ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව – මිලියන 945
– ෆේස්බුක් භාවිත කරන්නන් අතරින්,
කාන්තාවන් – 53%
පුරුෂයන් – 47%
– වයස් නියෝජනය අනුව 29.7%ක් අවුරුදු 25 – 34 අතර පසුවන්නන්
– සාමාන්‍යයෙන් පුද්ගලයෙකු ෆේස්බුක් සමඟ ගත කරන කාලය – අවම වශයෙන් මිනිත්තු 20
(අන්තර්ජාල වාර්තා)

ලෝකයේ තත්ත්වය

* වර්තමානයේ සෑම පුද්ගලයන් හය දෙනෙකුට ම එක් අයෙක් ෆේස්බුක් භාවිත කරනවා.
* මාසික ක‍්‍රියාකාරීත්වයක් ඇති සාමාජිකයන් සංඛ්‍යාව – බිලියන 1.23
* ආසියාතිකයෝ – මිලියන 368, යුරෝපානුවෝ – මිලියන 82, ඇමෙරිකානුවන් හා කැනේඩියානුවන් – මිලියන 201, සෙසු ලෝකවාසීන් – මිලියන 376
* ෆේස්බුක් භාවිත කරන අයගෙන් සෑම දස දෙනෙකුට ම හය දෙනෙකු දිනපතා මෙම අඩවියට පිවිසෙනවා.
* දිනපතා ඇතුළත් කෙරෙන ඡායාරූප – මිලියන 350ක් පමණ වනවා…
(CNN වාර්තා)

මේ, අද වන විට ඔබේ දරුවා ඇතුළු වී සිටින මාධ්‍ය ජාලයේ ප‍්‍රබලත්වය පෙන්වා දෙන සංඛ්‍යාත්මක සාධකයන්. වසර දහයක් වැනි කෙටි කාල පරාසයක් තුළ සමස්ත ලෝකය පුරා ම මේ සා ජනතා ආකර්ෂණයක් දිනා ගන්නට සමත් වූ වෙනත් මාධ්‍ය ජාලයක් බිහි වී නැහැ.

60, 70 දශකවල තිබුණාට වඩා ඉහළ පරිගණක සාක්ෂරතාවයක් අද අපේ සමාජයේ දකින්නට පුළුවනි. නමුත් එ් පරිගණක සාක්ෂරතාවය බහුලව තිබෙන්නේ තරුණ ප‍්‍රජාව හා ශිෂ්‍ය ප‍්‍රජාව අතරේ මිසක් වැඩිහිටියන් අතර නොවෙයි. ඇත්තට ම අද ඔබේ දරුවා ඔබට වඩා ජංගම දුරකථන හා පරිගණක භාවිතය පිළිබඳව දැනුමෙන් සන්නද්ධයි. ජංගම දුරකථනය හෝ පරිගණකය ඉතා යුහුසුළුව නොයෙක් කටයුතු උදෙසා භාවිත කරන දරුවා ඔබට ගෙන එන්නේ ආඩම්බරයක් වන්නට පුළුවන්. එ් ඔබට දිනිය නො හැකි වූ ලෝකය ඔවුන් ඉතා ඉක්මනින් දිනා ගත් අයුරක් ඔබට හැඟී යන නිසා ඇති වන්නක්. එහෙත් ඔබ දිනූ ලෝකය ඔවුන්ගෙන් උදුරා ගන්නට සමත් වෙන්නෙත් ඔබ ජයග‍්‍රහණයක් ලෙස දකින එ් තාක්ෂණික මෙවලම් භාවිතයේ හැකියාව ම යි.

පෑනේ මිතුරු මිතුරියන්ට ලිපි ලියමින් සමාජ සම්බන්ධතා ගොඩ නැගූ යුගය යල් පැන ගිය මෝස්තරයක් වී අවසන්. එ් වෙනුවට සැණින් ඔබේ දරුවාට බොහෝ මිතුරන්, ඔවුන්ගේ ඡුායාරූප, අදහස් – උදහස් මුණ ගැසෙනවා. දරුවා දැක්වූ අධ්‍යාපනික ජයග‍්‍රහණයක් වෙනුවෙන් ඔබ ම තිළිණ කළ පරිගණකය හෝ නවීන ජංගම දුරකථනය ඔබ නො දන්නා බොහෝ දෙනෙකු ඉතා ඉක්මනින් ඔබේ දරුවාට සමීප කරවනවා. එසේ සමීප වන සියලූ දෙනා යහපත් හැගීම් බෙදා හදා ගනිමින්, දැනුම එක් රැුස් කිරීමේ මාධ්‍යයක් හා සමාජයීය යහපත සැලසීමේ මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය භාවිත කරනවා යැයි කිසිසේත් ම සිතන්නට එපා.

පසුගිය කාලය තුළ නිතර වාර්තා වූ සිද්ධීන්ගේ සාරාංශයක් අප මෙහි තබන්නේ මේ ශීඝ‍්‍ර මාධ්‍ය භාවිතය තුළ ඔබේ දරුවා මොන තරම් අවදානමක සිිටිනවා ද කියන කාරණය පෙන්වා දෙන්නයි.

* හික්කඩුව වෙරළ තීරයේ පැවති රාතී‍්‍ර සාදයක් සුරා බදු නිලධාරීන් විසින් වටලනු ලැබුවා. එකී සාදය පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ෆේස්බුක් හරහා සිදු කළ දැනුම්වත් කිරීමකින් සංවිධානය කරන ලද්දක්. මත් ද්‍රව්‍ය හරහා කාම උද්දීපනය එහි ඉලක්කය වී තිබුණා.
* ෆේස්බුක් ගිණුම් හරහා ඇති කර ගත් සම්බන්ධතාවයක් මත හඳුනා ගත් යුවතියක අපහරණයට ලක් කළ තරුණයෙකු ඇප ලබා උසාවියෙන් පිටව යන විට අපහරණයට ලක් වූ යුවතියගේ පියා එල්ල කළ පිහි පාරවලින් තරුණයාත්, ඔහුගේ නැගණියත් තුවාල ලද අතර තරුණයාගේ පියා ජීවිතක්ෂයට පත් වුණා.
* ජාත්‍යන්තර පාසලක උගන්වන ගුරුවරියකගේ අඩ නිරුවත් ඡායාරූප යොදා ගෙන ෆේස්බුක් ගිණුමක් සකසා කප්පම් ඉල්ලූ පාසල් සිසුවෙකු අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
* ෆේස්බුක් ගිණුම්වල පළ කරන ලද ඡායාරූප සම්බන්ධයෙන් ගුුරුවරුන් අවවාද කිරීමෙන් පාසල් සිසුවියන් දෙදෙනකු සිය දිවි හානි කර ගත්තා.
* ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ඡායාරූප එක් කර ගොඩ නංවා ගත් පේ‍්‍රම සම්බන්ධතාවයක් බිඳ වැටීමෙන් සිසුවියක් සිය දිවි හානි කර ගත්තා.
* ෆේස්බුක් හරහා ගොඩ නගා ගත් පේ‍්‍රම සම්බන්ධයක් නතර වීම නිසා පාසල් සිසුවෙකු තමන් මරණය සිදු කර ගන්නා ආකාරය වීඩියෝ කර තබමින් සිය දිවි හානි කර ගත්තා.
* ෆේස්බුක් ගිණුම් හරහා පළ කළ තම ඡායාරූප අනිසි හා අසභ්‍ය ලෙසින් අවභාවිතයේ යෙදවීමට ඇතැමුන් ක‍්‍රියා කිරීම නිසා මානසික රෝගී භාවයට පත් වූ පාසල් දැරියන් ගැන වාර්තා පළ කෙරුණා.
මේ සිදුවීම්වල විශේෂත්වය වන්නේ මේ සියල්ල ශ්‍රී ලංකාව තුළ සිදු වූ දේවල් වීමයි.

දැන්… අසන්නට තිබෙන කාරණය මෙයයි… ඔබට හෝ ඔබේ දරුවාට මෙවැනි බලපෑමක් සිදු නො වේ යැයි සහතික කරන්නට තරම් සුරක්ෂිත භාවයක් මේ සමාජ මාධ්‍ය භාවිතය තුළ තිබෙනවා ද? සමහර විට දැනටමත් ඔබේ දරුවා ඔබ නො දැනුවත්ව ම මේ මාධ්‍ය ජාලයේ ගොදුරක් වී තිබෙන්නට පුළුවනි. අන්තර්ජාලය කියන්නේ ශාන්තුවරයන්ගේ නවාතැන්පළක් නෙවෙයි. එ් තුළ නොයෙක් මානසික මට්ටම් තිබෙන, නොයෙක් අරමුණු සහිත පිරිස් සැරිසරනවා. පිරිහීම බහුල ලෝකයක එවැනි පරිහානීය ලක්ෂණ සමාජගත වන්නටත් මේ කාරණය ම යි ඉවහල් වන්නේ. එ් නිසා ඔබේ සහ ඔබේ දරුවාගේ සමාජ මිතුරු ජාලයේ සිටින්නන් සහ ඔවුන්ගේ අරමුණු ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි.

ඇත්තටම දශකයකට පෙර පැවති සන්නිවේදන සංස්කෘතිය හා දැන් තිබෙන සන්නිවේදන සංස්කෘතිය සහමුලින් ම වෙනස්. සන්නිවේදන මාධ්‍ය ලෙසින් රූපවාහිනිය හෝ ගුවන් විදුලිය හෝ පුවත්පත් සඟරා හෝ අප හඳුනා ගන්නේ එක් පුද්ගලයෙකුගේ අදහස් බහුතරයක් වෙත ගෙන යන මාධ්‍ය ආකාරයෙනුයි. එහෙත් දැන් සමාජ ජාල භාවිතය හරහා බහුතරයකගේ අදහස් බහුතර පිරිසක් වෙත ඉක්මනින් ළඟා වෙනවා. එ් ළඟා වීම ප‍්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, අසම්මතය ගෙන එනවා වන්නට පුළුවනි. තාක්ෂණයේ පවතින දියුණු තියුණු භාවය නිසා එය වළක්වන්නට හෝ තහනම් කොට නවතා දමන්නට හැකියාවක් නැහැ. අන්තර්ජාලයට අයිතිකරුවෙක් නැති නිසා එය නීති පනවා යටපත් කරන්නටත් බැහැ.

එසේ නම් කළ යුතු වන්නේ ස්වයං සංවරයට, ස්වයං විනයට මුල් තැන දී මේ සමාජ මාධ්‍ය භාවිතයේ යහපත් ඵල නෙළා ගන්නට ක‍්‍රියාත්මක වීමයි. මෙතැන දී තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින දරුවන් හමුවේ දෙමව්පියන් හා ගුරුවරුන් මොන තරම් ප‍්‍රවේශම් සහගත විය යුතු ද කියන කාරණය සමාජ කතිකාවතකට බඳුන් කළ යුතු තරමට ම සංකීර්ණයි.

දරුවන් දන්නා තරම් තමන් නො දන්නා නිසා බොහෝ දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් සිදු කරන්නේ දරුවන් කරන කියන දෙයකට ඉඩ දී බලා සිටීම. එසේත් නැති නම් යම් අවැඩක් සිදු වන බව හැඟී ගිය ඇසිල්ලේ කායික, වාචසික, මානසික ප‍්‍රචණ්ඩත්වය පතුරුවමින් දරුවාට එරෙහි ව නැගී සිටීම. මේ කාරණා දෙකෙන් ම සිදු වන එකම දෙය සමාජයෙන් ඉගෙන ගන්නා අනුකරණ වයසේ පසු වන දරුවන් තමන්ගේ නිදහස ඉක්මවා යන්නාක් මෙන් හැෙඟන මේ මැදිහත්වීම්වලට ආවේගශීලීව ප‍්‍රතිචාර දැක්වීමයි.

දරුවන්ගේ ෆේස්බුක් ගිණුම් කිහිපයක් විමසුමට ලක් කර බලන්න. ඔවුන් අතර අධ්‍යාපනික හෝ සංස්කෘතිකමය හෝ ආගමික වටිනාකම් සහිත අදහස් හුවමාරු වන්නේ ඉතා කලාතුරකින්. ඔවුන් අතර විහිළු තහළු, ඇතැම් විට සදාචාරයේ සීමාවන් පවා ඉක්මවා යන කථා බස් සුලබයි. පාසල් දරු දැරියන් බහුතරය ෆේස්බුක් තුළ කරන්නේ චැට් කිරීම් හෙවත් සංවාදවල නියැළීම්. එ් බොහෝ සංවාද සිංහලත් නොවන, ඉංග‍්‍රීසිත් නොවන සිංගී‍්‍රසියෙන් ලියැවෙන දේවල්.

මෙවැනි සමාජ මාධ්‍ය වැදගැන්මකට නැතැයි යන පූර්ව මතයේ සිටින ගුරුවර වැඩිහිටියන් එ්වාට එරෙහි වනවා. එ් වගේ ම තම පරපුර හා බාල පරපුර අතර පවතින මේ පරිගණක හා තාක්ෂණික සාක්ෂරතාවයේ දැවැන්ත පරතරය පියවා ගන්නට ඔවුන් උත්සාහ කරන්නේ එ්වා පරිහරණය කිරීමට වැට බැඳීමෙන්. අඩුම තරමේ මේ හරහා ගත හැකි ප‍්‍රයෝජන කවරාකාර දැයි සොයා බලන්නටවත් වැඩිහිටියන් යොමු වන්නේ නැහැ.

දරුවාට පරිගණකය හා අන්තර්ජාල පහසුකම් ලබා දීමෙන් පසු සියල්ල හරි යැයි සිතා සිටින දෙමව්පියනුත් අඩුම තරමේ තම දරුවා පරිගණකයේ සොයන්නේ මොනවා ද බලන්නේ මොනවා ද කියා දැන ගන්නටවත් සැලකිලිමත් වන්නේ නැහැ. නිවසේ කාටවත් නො පෙනෙන හුදෙකලා තැන්වල පරිගණක තිරය සමඟ ගනුදෙනු කරන ඔබේ දරුවා එහි සංසරණය වන අයහපත් සමාජ ප‍්‍රවාහයන් තුළ ගොදුරක් වෙලා හෙට දිනයේ සියදිවි හානි කර ගතහොත්, මානසික රෝගියෙකු බවට පත් වුවහොත් හෝ සමාජ අපරාධකරුවෙකු බවට පත් වුවහොත් එහි පළමු වැරැුද්ද පැටවෙන්නේ ඔබටයි.

කළ යුත්තේ කුමක් ද?

ඇපල් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ ස්ටීව් ජොබ්ස් මේ සියවසේ හිඳ සියක් වසරක් අනාගතය දිවැසින් දුටු ඉසිවරයෙක් බඳු බවයි ලෝක පිළිගැනීම. නවීනතම පරිගණක උපාංග, අයි ෆෝන්, අයි පෑඞ් ආදි අති නවීන තාක්ෂණික මෙවලම් සියල්ල නිර්මාණය කෙරුණේ ඔහුගේ දායකත්වයෙන්. තාක්ෂණයේ ඇති වී තිබෙන විප්ලවීය පරිණාමයන් තුළ ඔහු පුරෝගාමියෙක් බවට පත් වූවා.

ඔහුට දරුවන් තිදෙනෙක් සිටිනවා. ඔහුගේ මරණයට පෙර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෙකු ඔහුගෙන් අපූරු පැනයක් විමසුවා.

‘‘ඔබේ දරුවන් අයි පෑඞ් භාවිත කරන්නට බොහෝ කැමති ඇති?”
ස්ටීව්ගේ පිළිතුර වුණේ මෙයයි.
‘‘නැහැ. ඔවුන් එය පාවිච්චි කර නැහැ. අපි ඇත්තටම අපේ ගෙදරදි අපේ දරුවන් තාක්ෂණය භාවිත කිරීම සීමා කරලයි තිබෙන්නේ….”
3D Robotics ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ක‍්‍රිස් ඇන්ඩර්සන් පස් දරු පියෙක්. ඔහු ටයිම්ස් සඟරාවට දක්වා තිබුණේ මෙවන් අදහසක්.

‘‘මගේ දරුවන් මට දෝෂාරෝපණය කරනවා, මම සහ බිරිඳ එ්කාධිපතිව සහ අනවශ්‍ය අවධානයෙන් යුතුව තාක්ෂණය දෙස බලනවා සහ ඔවුන්ගේ මිතුරන් කිසිවෙකුට තාක්ෂණය භාවිතය ගැන ඔවුන්ට තරම් නීති නැහැ කියලා. එ් නිසා ම තමයි අපි තාක්ෂණයේ තිබෙන අනතුර දකින්නේ. එය මම මා තුළ දැක්කා. එය මගේ දරුවන්ට සිදු වනවා දකින්නට මට වුවමනා නැහැ.”

මේ පියවරුන් දෙදෙනා ම තාක්ෂණික ලෝකයේ ප‍්‍රබලයන්. නමුත් එහි නියාමනයක් නො වීමේ අනතුර හොඳින් හඳුනාගෙන තිබෙන ඔවුන් දෙදෙනා ම තම දරුවන් තාක්ෂණය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් නීති පනවා තිබෙනවා.

එහි තේරුම ‘සීමා කිරීමක්’ මිස ‘නවතා දැමීමක්’ නොවෙයි. මේ වෙනුවෙන් පහසුවෙන් අනුගමනය කළ හැකි ක‍්‍රියාමාර්ග කිහිපයක් තිබෙනවා.

පළමුව ඔබේ දරුවාගේ පරිගණකය නිවසේ සියල්ලන්ට ඇස ගැටෙන විවෘත පරිසරයක තබන්න. එවිට නිවසේ කාගේ හෝ නෙතට දරුවා පරිගණකයෙන් සිදු කරන්නේ කුමක් ද යන්න දර්ශනය වෙනවා.

දෙවැන්න නව තාක්ෂණික මෙවලම් භාවිතයට ඔබත් හුරු වන්න. මෙය ප‍්‍රායෝගිකව අපහසුතා ඇති කරවන බව සැබෑවක් වුණත් හැකිතාක් දුරට එ් අපහසුකම් ඉක්මවා යන්නට ඔබ කටයුතු කළ යුතුයි. එසේ නො වුණහොත් දරුවාට වන විපතක් වළක්වාලන්නට ඔබට ඇති හැකියාව ඍණ අගයකට පත් වෙනවා.

ඔබේ දරුවා පරිගණකය හෝ තාක්ෂණික මෙවලම් තුළට සීමා වීම වළක්වන්න. එළිමහනේ හිඳ මිතුරන් සමඟ කෙළිදෙලෙන් ගත කළ කාලය ඔවුන්ගෙන් උදුරා ගන්නට පරිගණකයට හෝ ජංගම දුරකථනයට ඉඩ දෙන්නට එපා. නිවස තුළට සීමා වන ඔබේ දරුවා සමාජ අපචාරයන්ගේ පහසු ගොදුරක් වීම වළක්වන්නට බැහැ. එ් වෙනුවට ඔබේ නොමඳ විමසිල්ල යටතේ සමාජගත වන්නට ඔවුන්ට ඉඩ හරින්න.

වෙබ් අඩවිවලට දත්ත ඇතුළත් කිරීමේ දී තම පුද්ගලිකත්වය තවකෙකුට තුරුම්පුවක් වන ආකාරයෙන් නිරාවරණය නො කරන්නට දරුවන් දැනුම්වත් කරන්න. තමන්ගේ වැදගත් තොරතුරු, දුරකථන අංක ආදිය හුවමාරු නො කරන්නට ඔවුන් ව පුහුණු කරවන්න.

ඔබත් දරුවන්ගේ මිතුරු ජාලයේ සාමාජිකයෙක් වීමයි අත්‍යවශ්‍යයෙන් ම කළ යුත්තේ. දරුවා හුදෙකලාව, රහස්‍ය භාවය ප‍්‍රිය කරනවා නම් කොතැන හෝ වරදක් තිබිය හැකි බව ඔබ තේරුම්ගත යුතු වෙනවා. එ් ගැන ඔබේ අවධානය යොමු කරන්න.

මේ මාධ්‍ය තහනම් කළ යුතු ද?

සමාජවාදී රාමුවට හා ආර්ථිකයට එල්ල වන බලපෑම් මත චීනයත්, ආගමික මතවාදයන්ට හානි වීමට ඇති ඉඩ මත ඉරානය, සිරියාව හා පාකිස්ථානය වැනි රටවලූත් ෆේස්බුක් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. නමුත් අප රටේ එවැනි පසුබිමක් නිර්මාණය වී නැහැ. එනිසා, තහනම් කිරීම වෙනුවට,
– මෙය යහපත් දේ සම්පේ‍්‍රෂණය කරවන්නට ප‍්‍රබල මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකියි.
– මේ හරහා සිදුවන අකටයුතුකම් එකී මාධ්‍යයේ වරදක් නොව එය භාවිත කරන්නන්ගේ ආකල්පවල වරදක් පමණයි.
– මෙවැනි එක් දෙයක් තහනම් කළ විට එවැනි සිය ගණනක් ජාල බිහි වීම හා එ් වටා ජනරාශිගත වීම වැළැක්විය නො හැකියි.
– රිය අනතුරු වනවා කියා රිය භාවිතය තහනම් කළ නො හැකියි, ගුවන් අනතුරු වනවා කියා ගුවන් යානා භාවිතය නැවැත්විය නො හැකියි. එ් වෙනුවට සිදු කෙරෙන්නේ ආරක්ෂිත ක‍්‍රමවේද භාවිතයයි. මෙහි දී කළ යුත්තේ ද එය ම යි.
– මේ හරහා සිදුවන අපරාධ පාලනයට නීති රීති පැනවිය හැකියි. පරිගණක අපරාධ සම්බන්ධ නීතී හා දඬුවම් දැඩි කිරීමත්, එවැනි අපරාධකරුවන් කොටු කර ගැනීමේ සැලසුම් සහගත ක‍්‍රියාත්මක වීමත් අවශ්‍යයි.
සියල්ලට ම වඩා වටින්නේ

සිත දමනය යි….!

මේ සියලූ කරුණු කාරණා සලකා බලලා අවසානයට කිව යුතුව තිබෙන දෙය තමයි ලෝකයේ සිදුවන මේ විප්ලවීය සන්නිවේදන භාවිතයන් හමුවේ අසරණ නො වී සිටින්නට සමත් වන්නේ හා එයින් යහපත් ප‍්‍රතිඵල ම ලබන්නට සමත් වන්නේ දමනය කර ගත් ඉඳුරන් ඇති අය බව. එ් නිසා පළමුවෙන් ම ඔබේ දරුවා උතුම් ඉන්ද්‍රිය සංවරයේ පිහිටවන්න. ඔවුන්ට ධර්මයේ උත්තරීතර බව, අසම බව, ශ්‍රේෂ්ඨ බව කියා දෙන්න. එකී සංවරය ඉක්මවා දුර්ලභ සම්බුදු සසුනක මළකඳක් නො වන්නට ඔවුන්ව පුහුණු කරවන්න. අවංකව ම, පැහැදිලිව ම, තිරව ම උතුම් තිසරණයේ පිහිටීම ම එක ම රැුකවරණය බව ඔවුන්ට කියා දෙන්න…

‘‘උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරෝ නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡුකා
අත්තානං දමයන්ති පණ්ඩිතා”

‘‘කුඹුරුවලට වතුර ගෙනයන අය තමන් කැමති විදිහට ඇළ වේලි කපාගෙන වතුර ගෙනයනවා. හී වඩුවො හී දඬු නවලා සකස් කරන්නෙ තමන්ට ඕන විදිහටයි. වඩු බාසුන්නැහේලා ලී දඬු නවලා, ලී බඩු හදන්නෙ තමන්ට ඕන විදිහටයි. නුවණැති උදවිය අන්න එ් විදිහටයි තමන් ව දමනය කර ගන්නේ.”
(ධම්ම පදය – පණ්ඩිත වර්ගය)