මහාවිහාරය පිළිගැනීම

57. මේ කල්පයෙහි පළමුව (ලොව) සියලූ ධර්මය දැන සිටියා වූ, සියලූ ලොවට අනුකම්පා ඇත්තා වූ කකුසඳ නම් සම්බුදුරජාණන් වහන්සේ පහළ වූහ.
58. එකල්හී මේ මහාමේඝ උයන ‘මහාතීර්ථ’ නම් විය. මෙහි නැගෙනහිර දිශාවේ අභය නම් වූ නගරයක් විය.
59. කොළොම් තොටෙන් එතෙර පිහිටි එහි අභය නම් වූ රජ කෙනෙක් විය. එකල මේ දිවයින ඕජදීපය නම් විය.
60. එකල රකුසන් හේතු කොටගෙන මෙහි ජනයා හට රෝගයක් ඇති විය. දසබලධාරී කකුසඳ සම්බුදුරජාණන් වහන්සේ එ් උපද්‍රවය දුටු සේක.
61. එය නසා, මේ දිවයිනේ වැසියන්ගේ හික්මීම ද ශාසනයේ පැවැත්ම ද යන කරුණු පිණිස කරුණා බලයෙන් මෙහෙයවනු ලැබූ (සම්බුදුරජාණන් වහන්සේ),
62. හතළිස් දහසක් වූ රහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කොට දේවකූට පර්වතයේ වැඩ සිටි සේක.
63. සම්බුදු ආනුභාවයෙන් මේ මුළු දිවයිනේ ම එ් උණ රෝගය සන්සිඳුණේ වී ය.
64. නරේශ්වරය, එහි වැඩ සිටි මහා මුනිඳාණන් වහන්සේ, ‘ ඕජදීපයේ සියලූ මනුෂ්‍යයෝ අද මා දකිත්වා!
65. මා කරා පැමිණෙනු කැමති වූ සියලූ මනුෂ්‍යයෝ නිදුකින් පැමිණෙත්වා!’ යි අධිෂ්ඨාන කළ සේක.
66. ආලෝකයෙන් බැබළෙන්නා වූ මුනීන්ද්‍රයාණන් වහන්සේව ද එ් ආලෝකයෙන් බැබළෙන්නා වූ පර්වතය ද දැක රජ තෙමේ ද නගර වැසියෝ ද වහා ළඟට පැමිණියෝ ය.
67. දෙවියන්ට බිලි පුදනු පිණිස එහි ගිය මනුෂ්‍යයෝ ද සංඝයා වහන්සේලා සහිත වූ ලෝකනායකයාණන් වහන්සේ දේවතාවා යැයි සිතූහ.
68. අතිශයින් සතුටට පත් වූ එ් රජ තෙමේ එ් මුනිරාජයාණන් වහන්සේට මනා කොට වන්දනා කොට භෝජනයන් ද පවරා නගරය සමීපයට කැඳවාගෙන පැමිණ,
69. ‘සංඝයා වහන්සේලා සහිත වූ මුනීන්ද්‍රයාණන් වහන්සේට වැඩ හිඳීම පිණිස යෝග්‍ය වූ, රමණීය වූ මේ ස්ථානය බාධා නැත්තේ ය’ යැයි සිතා,
70. රම්‍ය වූ මණ්ඩපයක් කරවා උතුම් වූ පර්යන්කයන්හි සංඝයා වහන්සේලා සහිත වූ සම්බුදුරජාණන් වහන්සේ වඩා හිඳවූයේ ය.
71. සංඝයා වහන්සේලා පිරිවරා මෙහි වැඩ සිටියා වූ ලෝක නායකයාණන් වහන්සේව දුටු දිවයිනේ මනුෂ්‍යයෝ සෑම දිශාවෙන් ම පඬුරු ගෙන ආවෝ ය.
72. එ් රජ තෙමේ තමන් සතු වූද එ් එ් මිනිසුන් විසින් ගෙන එන ලද්දා වූ ද කැවිලි හා සූප ව්‍යාඤ්ජනයන්ගෙන් සඟ පිරිවරත්, ලෝක නායකයාණන් වහන්සේවත් සන්තර්පණය කළේ ය.
73. පසුබත් කිසෙහි ද එහි ම වැඩ සිටි ජිනේන්ද්‍රයාණන් වහන්සේට එ් රජ තෙමේ මහා තීර්ථ නම් වූ උයන උතුම් දක්ෂිණා කොට දුන්නේ ය.
74. එකල්හී අකාල පුෂ්පයන්ගෙන් අලංකාර වූ මහා තීර්ථ වනය සම්බුදුරජාණන් වහන්සේ විසින් පිළිගත් විට මහපොළොව කම්පා විය.
75. සම්බුදුරජාණන් වහන්සේ එහි ම වැඩ හිඳ ධර්මය දේශනා කළ සේක. සතළිස් දහසක් වූ මනුෂ්‍යයෝ (එ් ධර්මය අසා* මාර්ගඵලයන්ට පැමිණුනහ.
76. එ් සර්වඥයන් වහන්සේ මහා තීර්ථ උයනෙහි ම දිවා කාලය ගත කළ සේක. සවස් කාලයේ බෝධිය පිහිටුවීමට සුදුසු වූ භූමි ප‍්‍රදේශයට වැඩම කරවා,
77. එබිමෙහි වැඩ හිඳ සමවතට සම වැදී, එයින් නැගී සිට, දිවයිනේ වැසියන්ගේ හිතසුව පිණිස එ් සම්බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක.
78. ‘මාගේ මහරි බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව රැුගෙන, භික්ෂුණීන් වහන්සේලා සහිත වූ රූපනන්දා භික්ෂුණීන් වහන්සේ වැඩම කෙරේවා!’
79. මහත් ඍද්ධි ඇත්තා වූ එ් තෙරණි තොමෝ (සම්බුදුරජාණන් වහන්සේගේ* එ් සිත දැන, එහි රජුව කැඳවාගෙන බෝධි වෘක්ෂය කරා එළඹියා ය.
80. රත් පැහැ පාෂාණයකින් දක්ෂිණ ශාඛාවේ රේඛාවක් ඇඳ, එතැනින් සිඳී රන් කටාහයෙහි පිහිටියා වූ
81. එ් බෝධි ශාඛාව ඍද්ධියෙන් ගෙන, පන්සියයක් වූ භික්ෂුණීන් වහන්සේලා ද පිරිවරා මෙහි පැමිණියා ය. මහරජ, (එ් තෙරණින් වහන්සේ)දේවතාවුන් විසින් පිරිවරන ලද
82. එ් රන් කටාහය සම්බුදුරජාණන් වහන්සේ දිගු කළ දකුණු ශ්‍රී හස්තයේ තැබුවා ය. තථාගතයන් වහන්සේ එ් (බෝධි ශාඛාව) රැගෙන,
83. පිහිටුවීම පිණිස අභය නම් රජු හට දුන් සේක. රජ තෙමේ මහා තීර්ථ නම් වූ උයනේ (එ් බෝධි ශාඛාව) පිහිටවූයේ ය.
84. සම්මා සම්බුද්ධ වූ තථාගතයාණන් වහන්සේ එතැනින් වැඩම කොට මෙයින් උතුරු දෙස වූ, රම්‍ය වූ මහරි මළුවේ වැඩ සිට
85. ජනයාට ධර්මය දේශනා කළ සේක. එහි සිටි විසිදහසක් ප‍්‍රාණීන්ට ධර්මය අවබෝධ විය.
86. ජිනේන්ද්‍රයාණන් වහන්සේ එතැනින් උතුරු දෙසට වැඩම කොට එහි ථූපාරාම චෛත්‍යය පිහිටුවන ස්ථානය කරා එළඹ එතැන ද සමවත් සුවයෙන් වැඩ සිටි සේක. එයින් නැගී සිට,
87. සම්බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. එතැන්හි ද විසිදහසක් ප‍්‍රාණීහු මාර්ගඵලයට පත් වූහ.
88. වන්දනා මාන පිණිස තමන් වහන්සේගේ දිය පෙරණය මිනිසුන්ට දී, පිරිවර සහිත වූ එ් භික්ෂුණීන් වහන්සේ මෙහි වෙසෙන්නට සලස්වා,
89. මහාදේව නම් ශ‍්‍රාවකයාණන් වහන්සේ ද දහසක් භික්ෂූන් වහන්සේලා සමඟ මෙහි වෙසෙන්නට සලස්වා, සම්බුදුරජාණන් වහන්සේ එයින් නැගෙනහිර දෙස වූ
90. මැණික් මළුවෙහි වැඩ සිට ජනයාට මැනැවින් අනුශාසනා කොට සංඝයා වහන්සේලා සමඟ අහසට පැන නැගී ජම්බුද්වීපයට වැඩම කළ සේක.
91. මේ කල්පයේ දෙවනුව (සම්බුදු වූ) සියලූ ධර්මයන් අවබෝධ කළා වූ, සියලූ ලොවට අනුකම්පා සහිත වූ කෝණාගමන නම් සර්වඥයන් වහන්සේ නමක් වූ සේක.
92. එකල මේ මහාමේඝ උයන ‘මහානාම’ නම් විය. (මීට) දකුණු දිශාවේ වඞ්ඪමාන නම් නගරයක් විය.
93. එ් කාලයේ එහි සමිද්ධ නම් වූ රජ කෙනෙක් වූයේ ය. එකල මේ දිවයින වරදීපය නම් විය.
94. එකල මේ වරදීපයේ වැස්ස නොමැතිකමින් උවදුරක් විය. කෝණාගමන නම් වූ සර්වඥයන් වහන්සේ එ් උපද්‍රවය දැක,
95. එ් (උවදුර) නසා, මේ දිවයිනේ වැසියන්ගේ හික්මීම ද ශාසනයේ පැවැත්ම ද (යන) කරුණු පිණිස කරුණා බලයෙන් මෙහෙයවනු ලැබ,
96. රහත් බවට පැමිණි තිස්දහසක් වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කොට සුමනකූට නම් පර්වතයේ වැඩ සිටි සේක.
97. සම්බුද්ධ ආනුභාවයෙන් එ් වර්ෂාව නැතිකම දුරුව ගියේ ය. එකල පටන් ශාසනයේ අතුරුදන් වීම දක්වා ම යහපත් වූ වර්ෂාව ම විය.
98. රජතුමනි, එහි වැඩ සිටි මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කළ සේක. ‘මේ වරදීපයේ සියලූ මනුෂ්‍යයෝ මා දකිත්වා!
99. මා කරා පැමිණෙනු කැමැත්තා වූ සියලූ මනුෂ්‍යයෝ නිදුකින් වහා පැමිණෙත්වා!’
100. මුනිරජාණන් වහන්සේ ද බබළන්නා වූ පර්වතය ද දැක රජු ද නගර වැසියෝ ද වහා සමීපයට පැමිණියහ.
101. දෙවියන්ට බිලි පුදනු පිණිස එහි ගිය මනුෂ්‍යයෝ ද සංඝයා වහන්සේලා සහිත වූ ලෝක නායකයාණන් වහන්සේ දේවතාවා යැයි සිතූහ.
102. අතිශයින් සතුටට පත් වූ රජ තෙමේ එ් මුනිරාජයාණන් වහන්සේට වැඳ, බත් පිළිගන්වා නගරය සමීපයට වැඩමවූයේ ය.
103. ‘මේ ස්ථානය සංඝයා වහන්සේලා සහිත මුනිරාජයාණන් වහන්සේට වාසය පිණිස සුදුසු ය. රමණීය ය. බාධා නැත්තේ ය.’ යැයි සිතා,
104. එ් රජ තෙමේ මෙහි රම්‍ය වූ මණ්ඩපයක් කරවා උතුම් පර්යන්කයන්හි සංඝයා වහන්සේලා සහිත වූ සම්බුදුරජාණන් වහන්සේව වැඩ හිඳවූයේ ය.
105. මෙහි වැඩ සිටියා වූ, සංඝයා සහිත වූ ලෝක නායකයාණන් වහන්සේ වෙත දිවයිනේ මනුෂ්‍යයෝ හැම දිශාවෙන් ම පඬුරු ගෙන ආවෝ ය.
106. එ් රජ තෙමේ තමන් සතු වූද එ් එ් මිනිසුන් විසින් ගෙන එන ලද්දා වූ ද කැවිලි හා සූප ව්‍යාඤ්ජනයන්ගෙන් සඟ පිරිවරත්, ලෝක නායකයාණන් වහන්සේවත් සන්තර්පණය කළේ ය.
107. එ් නරනිඳු තෙමේ පසුබත් කිසෙහි ද එහි ම වැඩ සිටි ජිනේන්ද්‍රයාණන් වහන්සේට මහානාම නම් වූ එ් උයන උතුම් දක්ෂිණා කොට දුන්නේ ය.
108. එකල අකාල පුෂ්පයන්ගෙන් අලංකාර වූ මහානාම උයන සම්බුදුරජාණන් වහන්සේ විසින් පිළිගත් විට මහපොළොව කම්පා විය.
109. එ් සර්වඥයන් වහන්සේ එහි ම වැඩ හිඳ ධර්මය දේශනා කළ සේක. තිස් දහසක් වූ මනුෂ්‍යයෝ එකල්හී (එ් ධර්මය අසා) මාර්ගඵලයන්ට පැමිණුනහ.
110. එ් ජිනේන්ද්‍රයාණන් වහන්සේ මහානාම නම් වූ උයනෙහි ම දිවා කාලය ගත කළ සේක. සවස් කාලයේ පෙර මහා බෝධිය පිහිටි බිමට වැඩම කරවා,
111. එබිමෙහි සමවත් සුවයෙන් වැඩ හිඳ, එයින් නැගී සිට, දිවයිනේ වැසියන්ගේ හිතසුව පිණිස එ් සම්බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක.
112. ‘මාගේ උදුම්බරා බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව රැුගෙන, භික්ෂුණීන් වහන්සේලා සහිත වූ කනකදත්තා භික්ෂුණීන් වහන්සේ වැඩම කෙරේවා!’
113. මහත් ඍද්ධි ඇත්තා වූ එ් තෙරණි තොමෝ (සම්බුදුරජාණන් වහන්සේගේ) එ් සිත දැන, එහි රජුව කැඳවාගෙන බෝධි වෘක්ෂය කරා එළඹියා ය.
114. රත් පැහැ පාෂාණයකින් දක්ෂිණ ශාඛාවේ රේඛාවක් ඇඳ, එතැනින් සිඳී රන් කටාහයෙහි පිහිටියා වූ
115. එ් බෝධි ශාඛාව ඍද්ධියෙන් ගෙන, පන්සියයක් වූ භික්ෂුණීන් වහන්සේලා ද පිරිවරා මෙහි පැමිණියා ය. මහරජ, (එ් තෙරණින් වහන්සේ) දේවතාවුන් විසින් පිරිවරන ලද
116. එ් රන් කටාහය සම්බුදුරජාණන් වහන්සේ දිගු කළ දකුණු ශ්‍රී හස්තයේ තැබුවා ය. තථාගතයන් වහන්සේ එ් (බෝධි ශාඛාව) රැගෙන,
117. පිහිටුවීම පිණිස සමිද්ධ නම් රජු හට දුන් සේක. රජ තෙමේ මහානාම නම් වූ උයනේ (එ් බෝධි ශාඛාව) පිහිටවූයේ ය.
118. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතැනින් වැඩම කොට එයින් උතුරු දෙස වූ මහරි මළුවේ නාග මාලකයේ වැඩ සිට ජනයාට ධර්මය දේශනා කළ සේක.
119. එ් ධර්ම දේශනාව ශ‍්‍රවණයෙන් එහි සිටි විසිදහසක් වූ ප‍්‍රාණීන්ට ධර්මය අවබෝධ විය.
120. නගරයට උතුරු දෙසින් වූ පෙර (කකුසඳ) බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැනට වැඩම කොට, එතැන ද සමවත් සුවයෙන් වැඩ සිට, එයින් නැගී සිටි
121. සම්බුදුරජාණන් වහන්සේ එහි හිඳ ධර්මය දේශනා කළ සේක. එහි වූ දසදහසක් ප‍්‍රාණීහු මාර්ගඵලයට පත් වූහ.
122. වන්දනා මාන පිණිස තමන් වහන්සේගේ කාය බන්ධන ධාතුව මිනිසුන්ට දී, පිරිවර සහිත වූ එ් භික්ෂුණීන් වහන්සේ මෙහි වෙසෙන්නට සලස්වා,
123. මහා සුම්ම නම් වූ ශ‍්‍රාවකයාණන් වහන්සේ ද දහසක් භික්ෂූන් වහන්සේලා සමඟ මෙහි වෙසෙන්නට සලස්වා, සම්බුදුරජාණන් වහන්සේ මැණික් මළුවෙන් මෙපිට
124. සුදර්ශන නම් මළුවේ වැඩ සිට ජනයාට මැනැවින් අනුශාසනා කොට සංඝයා වහන්සේලා සමඟ අහසට පැන නැගී ජම්බුද්වීපයට වැඩම කළ සේක.

හුදී ජනපහන් සංවේගය පිණිස කළ මහාවංශයේ ‘මහාවිහාරය පිළිගැනීම’ නම් වූ පහළොස්වන පරිච්‍ෙදයේ කොටසකි.